Friday, March 24, 2023
No menu items!
HomeBORROWලීසිං කරලා ගන්නවද ? සල්ලි දීලා ගන්නවද ? ?

ලීසිං කරලා ගන්නවද ? සල්ලි දීලා ගන්නවද ? ?

ලීසිංද මිලදී ගැනීම්ද වැඩිය හොද ?

Edited in Prisma app with Flora

ඔයාගේම කුඩා ව්‍යාපාරයක් විවෘත කරනවිට හා ඔයා තවත් දියුණු වෙනවිට, ඔයා ලබාගන්න ඕනි ලීසිං පහසුකමක් ද නැතිනම් එක වර මිලදී ගැනිමක් ද යන්න හරි තිරණයකට යෑම මදක් අපහසුයි. ඔයා ඒවගේ තිරණයක් ගන්නා කොට සලකා බලන්න අවශ්‍ය කරුණු ගණනාවක් තියෙනවා. ඔයා එම වත්කම මිලදී ගත්තත්, ලීසිං ක්‍රමයට ගත්තත් වත්කම භාවිතයේ පහසුකම ඔයාට තියනවා. ලීසිං ක්‍රමයේ ප්‍රධාන වාසිය තමයි මිලදී ගන්නා මුදලට වඩා ඔයා ගෙවන්න අවශ්‍ය මූලික මුදල අඩුයි. මිලදී ගැනීමේ ප්‍රධාන වාසිය තමයි, දිගු කාලීනව ඔයා බදු දී ඇති මුදලට වඩා අඩු මුදලකින් ගෙවා අවසන් වන අතර, වත්කමේ වටිනාකමින් කිසියම් අගයක ප්‍රතිලාභයක් ඔයාට ලැබෙනවා. ගොඩාක් දුරට ඔයාට සුදුසු මාර්ගය කුමක්දැයි තීරණය කිරීමට ඇති එකම ක්‍රමය තමා මුදල් ප්‍රවාහ විශ්ලේෂණයක් කර සංසන්දනය කිරීම. ඔයාට ගෙවන්නට තියෙන බදු වියදම් පියවා ගැනීම සදහා ද ඔයාට වෙන් කරන්නට අවශ්‍ය මුදල් ප්‍රමාණය පිළිබඳ ඇස්තමේන්තුවක් මෙමගින් ඔයාට ලබා ගන්න පුලුවන් .

ලීසිං සඳහා හිතකර සාධක

Edited in Prisma app with Flora

මුදල් ප්‍රවාහය: ව්‍යාපාරයකට තම මුදල් ප්‍රවාහය සංරක්ෂණය කරන්න පුලුවන් ලීසිං පහසුකමක් මගින්. ලීසිං යටතේ, මූලික මුදල් වියදම මාසයක කුලිය හා ආරක්ෂක තැන්පතුවක් වෙනවා.

ණය ලකුණු – නිසිආකාරයෙන් වාරික ගෙවීමෙන් ණය ලකුනු හොද වීම

පාවිච්චිය – ලීසිං කල වත්කමේ සම්පූර්ණ පාවිච්චිය සමාගම සතුය.

වටිනා දේපලක පහසුව හිමි වීම – එකවර විශාල මුදලක් වැය නොකොට විශාල වටිනාකමක වත්කමක් පරිහරණයට හැකි වීම.

බදු ඉතුරුම්: ව්‍යාපාර වියදමක් ලීසිං වාරික අඩු කරන්න පුලුවන් වීම .

මිලදී ගැනීමට හිතකර සාධක

Edited in Prisma app with Flora

දිගුකාලීන ඉතුරුම් – දිගුකාලීනව, වත්කමක් මිලදී ගැනීම සාමාන්යයෙන් ලීසිං වලට වඩා ලාභදායී වේ. ලීසිං එකකදී, ව්‍යාපාරිකයා තමාටම ලාභයක් ගොඩනගා ගැනීමට උත්සාහ කරනවා.වත්කම මිලදී ගැනීමෙන් මෙම ලාභ වාරික ලෙස ගෙවීම වළක්වා ගන්නට පුලුවන්

ස්ථානය – ඇතැම් ව්‍යාපාර වර්ග සඳහා, ස්ථානය වඩාත් වැදගත් වෙනවා. ඔයා ඔයාගේ ව්‍යාපාරය සඳහා සුදුසුම ස්ථානය සොයාගෙන එහි ව්‍යාපාරය ස්ථාපිත කර ඇත්නම්, දේපළ මිලදී ගැනීමෙන් ව්‍යාපාරය ගෙනයාමට සිදු නොවන බව සහතික කෙරෙනවා.

පාලනය – ඔයාට ඔයාගේ දේපල සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීම් කිරීමට තියනවා , ඒවාගේම ඔයාට ඔයාගේ ව්‍යාපාරික වේලාවන් හා ඔයාගේ ව්‍යාපාර කරන ආකාරය පාලනය කිරීමට අවශ්‍යතාවක් තියනවා .දේපල මිලදී ගැනීමෙන්, ඔයාට මෙම කරුණු පාලනය කිරීමට පුලුවන් .(දේශීය නීති රෙගුලාසි වලට අනුව).

 

 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments