මාධ්‍යය උදව් කරගන්න(media coverage)……

ඔයා expert කෙනෙක් වෙන්නේ කොහොමද කියල බලද්දි,media coverage ලබා ගන්න එක ගොඩක් වැදගත් කියලා ඔයාට අමතක වෙලා නැතුව ඇති.
ලොකු magazine එකකින් ඔයත් එක්ක සම්මුක සාකච්චාවක් තිබ්බොත්,ලොකු සමාගමක expert කෙනෙක් ලෙස උපුටා දැක්වුවහොත්,ඔයා ක්‍රියාකාරි විදිහට ඔයාව expert කෙනෙක් විදිහට ස්ථාන ගත වෙනවා.
ඔයා දැන් හිතන්නේ මේක කරගන්නෙ කොහොමද කියලද ?ඔයාට කරන්න පුළුවන් එක දෙයක් තමයි.ඔයාගෙ ක්ෂේත්‍රයත් එක්ක යන,ඉලක්ක ප්‍රේක්ෂක පිරිසක් ඉන්න writter කෙනෙක් හරි social influencer කෙනෙක් හම්බවෙන එක. එයා ඔයාගෙ කතාවට කැමති නම්,ඔයත් එක්ක interview එකකට හරි උපුටා දැක්වීමක් ගන්න හරි ඔයත් එක්ක සම්බන්ද වෙයි.
ඔයාට කරන්න පුළුවන් තව දෙයක් තමයි වාර්තාකරුවෙකුට උදව් කරන එක. ගොඩක් වෙලාවට, ජනප්‍රිය magazine වලින් ඒගොල්ලොන්ගේ කතාවලට උපදෙස් හා තොරතුරු දෙන්න පුළුවන් ක්ෂේත්‍රයේ ඉන්න expert ලව හොයනව,හැමදාම ඒ ප්‍රශ්න කිහිපයකට ප්‍රතිචාර දක්වලා ඔයාට media coverage එකක් ලබාගන්න පුළුවන්.
ලොකු,ප්‍රසිද්ද publication ඔයාව expert කෙනෙක් විදිහට උපුටා දක්වනවා, ඔයා එක්ක interview තියනවා කියල දකින්න පටන් ගන්නකොට මිනිස්සු ඔයාව expert කෙනෙක් විදිහට දකිනිවා.ඒ වගේම ඔයාට තියෙන ඉල්ලුමත් වැඩි වෙනවා.ලොකු ප්‍රසිද්ධ magazine එකක් එක්ක සම්බන්ද වෙන එක ඔයා expert කෙනෙක් කියලා හොඳ සාක්ෂියක්.
Social proof (සමාජ සාක්ෂි) භාවිත කරලා ඔයා expert කෙනෙක් විදිහට ස්ථානගත වෙන්නෙ කොහොමද…….

ඔයා හිතනවා ඇති මොකද්ද social proof කියන්නෙ කියලා?හරි, social proof කියන්නෙ සමාජීය හා මානසික සංසිද්ධියක් වගේම ඒක ‘අනිත් හැමෝම කරන දේ කරන්න” අනිත් හැමෝම අනුගමනය කරන කෙනෙක්ව අනුගමනය කරන්න,අනිත් හැමෝම මිලට ගන්න දෙයක් මිලදී ගන්න හා අනිත් අයගේ ක්‍රියා පිටපත් කරන එක මිනිසුන්ගේ trend එක කියල, 1984 දි Robert Cialdini ලිව්ව Influence the phsycology of persuation කියන පොතේ ලියලා තියෙනවා.
සමාජ මාධ්‍ය වල නැඟීමත් එක්ක,social proof කියන සංකල්පය Cialdini හිතුවට වඩා බලසම්පන්න වෙලා තියෙනවා.
උදාහරණ විදිහට ඔයාගෙ instagram account එකේ followers ල සිය දහස් ගානක් ඉන්නවා නම්,මිනිස්සු ඔයාව expert කෙනෙක් විදිහට පිළිගන්නවා වගේම,ඔයාව අනුගමනය කරන්නත් පුළුවන්.
ඒ වගේම ඔයාගෙ පොත Amazon වල විකුණන්න තියෙනව නම්, ඒකට positive review සිය ගානක් තියෙනව නම් මේකත් ඔයාව expert කෙනෙක් විදිහට ස්ථානගත කරන social proof එකක්.
ඔයාට ඕනනම් ඔයාව expert කෙනෙක් විදිහට හදුනගන්න පුළුවන් ,ඒත් අනිත් අය ඔයාව expert කෙනෙක් විදිහට හඳුන්වන්නේ නැත්නම් ඒකෙන් එච්චර වැඩක් නෑ.
අපි හැමවෙලාවේම කියන්නෙ ඔයා ඔයා ගැන කියන දේට වඩා අනිත් අය ඔයා ගැන කියන දේ ගොඩක් බලවත් කියන එක.
ජනප්‍රිය චරිතයක් හරි influencer කෙනෙක් හරි ඔයාව expert කෙනෙක් විදිහට අනුමත කළොත් මේක විශේෂයෙන් ඇත්ත වෙනවා.ප්‍රසිද්ධ කෙනෙක් ඔයාව අනුමත කරන හැම වෙලාවක්ම social proof වල ප්‍රබල අවස්ථාවක්