නියමිත වේලාවට වැඩට පැමිණීම
නියමිත වේලාවට වැඩට එන එකෙන් තමන් කරන දේ ගැන සැලකිලිමත් වනවා කියලා පේනවා. රැස්වීමකට එන පළමු පුද්ගලයින්ගෙන් කෙනෙක් වෙන්න.කුමක් වුවත්, ඔවුන් සාමාන්‍යයෙන් මුලින්ම ඉන්න කෙනා වෙන්න.

හිතන්න ඕනෙ සේවකයෙක් විදිහට නෙමේ කළමනාකරුවෙක් විදිහට
අපේ හොඳ සේවකයෙක්ගේ ගුණාංග ලැයිස්තුවෙ මේක ගොඩක් වැදගත්. මේක විනාඩියකට හිතල බලන්න, සේවකයන් මොකද්ද කරන්න ඕනෙ කියලා කියනකම් බලාගෙන ඉන්නවා, ඒත් කළමනාකරුවෙක් උපායමාර්ගයකින් කරන්න ඕනෙ දේ ගැන හිතනවා. සේවකයින් තමන් කරන දේ හොදට කරනවා ,ඒත් කළමනාකරුවෙක්ට ඕනෙ වන්නේ කණ්ඩායමක් විදියට හොඳින් වැඩ කරන එකයි. ඒ හින්දා ඒගොල්ලෝ සේවකයින්ට උපදෙස් දෙනවා,අවශ්‍යනම් ඒකට යොමු වෙලා උදව් කරනව. ඔයා කළමනාකරුවෙක් විදිහට හිතනකොට, උසස්වීමක් ඔයාගෙ ඉස්සරහට එනවා.
ප්‍රතිඑල ගැන කතා කරන්න
ඔයා ඉවරකරපු ක්‍රියාකාරකම් ගැන නෙමේ, ඒවයින් ඔයාට හම්බුන ප්‍රතිඑල තමයි වැදගත්. කාර්යාලයේ රැස්වීමකදි මම හොඳට කලා කියලා කියනවා වෙනුවට, ඔයාට ඉටු කරගන්න පුළුවන් වුණ දේ කියන්න. උදාහරණයක් විදිහට, “මට රුපියල් ලක්ෂ 10 ක අලෙවියක් ලැබුණා වගේම ඒ හින්දා මේ කාර්තුවේ අපේ සම්පූර්ණ target එකට 10% ලංවෙලා කියලා, ඔයාට නිකං අලෙවියක් තියෙනව කියල විතරක් කියන්න එපා.

ඔයා ඔයාව අනිත් අය එක්ක සංසන්දනය කරන්න එපා
ඔයා ඔයාව සැබෑ ලෝකයේ ඉන්න අය එක්ක සංසන්දනය නොකරනවා වගේම, කාර්යාලයේදිත් එහෙම කරන්න එපා. සමාගමේ අවුරුද්දක් ඉදලා එයාට promotion එකක් හම්බුනා කියලා එකෙන් අදහස් වෙන්නෙ ඔයාටත් එහෙම හම්බෙයි කියලා නෙමේ. ඔයාගේ ජයග්‍රහණ හා ඔයාව වඩා හොඳ කර ගන්න කර්න්න පුළුවන් දේවල් ගැන හිතන්න, හොයල බලන්න.
Detail oriented (සවිස්තරාත්මකව වැඩ කරන එක )
- ඇත්ත වශයෙන්ම හොඳ සේවකයෙක්ගේ එක ගුණාංගයක් වන්නේ විස්තරාත්මකව වැඩ කරන එකයි. ලියවිල්ලක් හරි E mail එකකින් හරි තවත් customer කෙනෙක් සමාගමට ගන්න වැඩ කිරීම වැදගත්, ඔයාට පොඩි දේවල් හඳුන ගන්න පුළුවන් කෙනෙක් ඕනෙ වන්නේ ගොඩක් වෙලාවට පොදු දේවල් ලොකු හිසරදයක් වෙන හින්දා (උදාහරණ විදිහට කොන්ත්‍රාත්තුවේ වැරදි දිනය, ගනුදෙනුකරුවකුගේ නම අක්ෂර වින්‍යාසය යනාදිය).
Trend (ප්‍රවණතා) අනුගමනය කිරීම
ඔයාගේ කර්මාන්තයේ,ක්ෂේත්‍රයේ වෙන දේ ගැන විමසිල්ලෙන් ඉන්න එක competition (තරගය) ට වඩා අඩියක් ඉස්සරහින් ඉන්න හොඳ ක්‍රමයක්. මේ විදිහට ඔයාට උපායමාර්ගික සැලසුම් කිරීමක් කරන්න පුළුවන් නැත්නම් නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගන්න පුළුවන්.
feedback වලට ඇහුම්කන්දෙන්න
පුද්ගලිකව නැතුව වැදගත් විදිහට feedback ගන්න දන්න සේවකයෙක්ට හොඳ විදිහට ලොකු වෙනසක් කරන්න පුළුවන්. ඒ මොකද ඒ අයට ඒ feedback වලින් ප්‍රතිඑල ගන්න පුළුවන් හින්දා.

ඕපාදූප වලින් ඈත් වෙන්න
සමාගමේ ගැටළු හඳුනා ගන්න එක වැදගත්, ඒත් වෙනත් සේවකයින් එක්ක ඒ ගැන හැමවෙලාවේම කතාකරන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ ඍණාත්මක වාතාවරණයක් ඇතිවෙන එක විතරයි.
Know How To Play The Game (ක්‍රීඩාව කරන්නෙ කොහොමද කියල දැන ගන්න).
ඔයා ඕපාදූපවලින් ඈත් වෙලා ඉන්න එකෙන් අදහස් කරන්නේ ඔයා “politics” වලින් වැළකිලා ඉන්නවා කියලා. වෙනසට බලපෑම් කරන්නේ කවුද, කළමනාකරු එක්ක එකඟ වන්නේ කවුද කියන දේවල් ඔයා දැනගත්තම, කාර්යාලයේ politics game එක කරන්නේ කොහොමද කියලා ඔයා දන්නවා.