ඉගෙනගන්න ඕනෙ
ඔයා මෙහෙම වෙන්න , ප්‍රශ්න ගොඩක් අහන, කර්මාන්තය,ක්ෂේත්‍රය ගැන දන්න කියවලා තියෙන හා සමාගමේ conference වලට සහභාගී වෙන කෙනෙක්. මේවගේ සේවකයින් හැම වෙලාවෙම ඒ අයගේ කුසලතා මුවහත් කර ගන්න කටයුතු කරනව වගේම මේ වගේ අය සමාගමට අත්‍යවශ්‍ය වෙනවා
සමාගම් උත්සව වලට යන්න
ඔයා සමාගමේ උත්සවයක් තියනකොට,ගොඩක් ලොකු උත්සවයක් වෙන්නත් පුළුවන්,පොඩි breakfast එකක් වගේ වෙන්නත් පුළුවන් , ඒවට සහභාගි වෙන එක ගොඩක් වැදගත්, මේ සේවකයින් “අනිත් අය එක්ක හොඳින් ක්‍රියා කරනව.” ඔයාටත් ඕනෙ වන්නේ අනිත් colleagues ල එක්ක එකතු වෙලා කටයුතු කරන කෙනෙක් වෙන්න. අනිත් සේවකයෙකු මොකක්හරි අදහසක් ඉදිරිපත් කළොත්, එක සැලකිල්ලට ගන්න එක වටිනවා.

වැඩත් එක්ක comfortable වැඩ කරන්න
පීඩනයත් එක්ක comfortable සේවකයෙක් වෙන්න. සේවකයින් විදිහට, ඔයා තව වැඩිපුර අපහසු තත්ව වලට වැටෙන දේවල් කරන්න, ඒ වගේ වැඩි වැඩියෙන් කරන තරමට, ඔයාට පීඩනය ඔරොත්තු දෙන්න ගන්නවා.
අවශ්‍ය වෙලාවට උදව් ඉල්ලන්න
උදව් ඉල්ලන එක දුර්වලකමේ ලකුණක් නෙවේ. ඒක ශක්තියක්. ඔයාට උදව්වක් නැතුව අවශ්‍ය තැනකට යන්න බැහැ. හොඳ සේවකයෙක්ගේ ගුණ ගත්තම, මේක ඇත්ත වශයෙන්ම ඔයාට සේවකයෙක්ගේ ලොකුම ශක්තිය පෙන්වනවා – වැරදි දෙයක් කරනවට වඩා කාගෙන් හරි උදව් ඉල්ලන එක හොඳයි
adaptable වෙන්න ( ඕනෙ දෙයකට අනුවර්තනය වෙන්න )
සේවකයෙක්ට වෙනස් වෙන්න අනුවර්තනය වෙන්න පුළුවන් උනාම, හිතපු නැති කෙනෙක් උනත්, ඔයාව එයාගෙ කණ්ඩායමේ ඔයාව ඕනෙ වෙනවා. ඔයා ගැටළු විසඳන්නෙක් වෙනවා වගේම ඒ එක්කම ඉදිරියට යන්න පුළුවන්. ඒගොල්ලෝ වෙනස සාදරයෙන් පිළිගන්නව වගේම අනීත් අයවත් කණ්ඩායම ඇතුළට ගේන්න උනන්දු වෙනව.

අවංක වෙන්න
සේවකයෙක් සෘජු වෙනකොට, ඒ අය විවෘත සමාගම් සංස්කෘතියට දායක වෙනවා. ඊට අමතරව, අවංක කෙනෙක් සමාගමකට ලොකු වත්කමක්. ඒවගෙ අය එක්ක එකට වැඩ කරන අය ඒගොල්ලොන්ගේ අවංකකම අගය කරන්නේ ඒ අය කතාකරනකොට කෙලින්ම කියන්න තියෙන දේ කියන හින්දයි.
සුභවාදී වෙන්න
සුභවාදී සේවකයෙක්ට අලුත් හා නැවුම් අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් වගේම එක අරමුණකට වෙන වෙන විකල්ප තියෙන පුද්ගලයින් එකට ගේන්න පුළුවන්. සුභවාදීව ඉන්න කෙනෙක්ට ඉස්සරහට මාර්ග බාධක ආවත් කණ්ඩායම අවධානයෙන් තියාගන්න පුළුවන්. ධනාත්මක මනසකින් සංකූලතා නිරාකරණය කරන කෙනෙක් වෙන්න එතකොට ඔයා වටේ ඉන්න අයට ශක්තියක් දෙන්න පුළුවන් නිසා වගේම, අවසන් සීමාව පහු කරන්න හැමෝටම උදව් වෙන්න පුලුවන් .

නිහතමානි වෙන්න
ඔයාගේ සාර්ථකත්වයන් ගැන කතාකරන එක කණ්ඩායම දිරිගන්වන්න උපකාරී වෙනවා ඒත්, සේවකයෙක් එයාගේ හැකියාව බෙදා හදා ගන්න කොට සහ විවේචන පිළිගන්න කොට සමාගම් සංස්කෘතිය වඩා හොඳ වෙනවා. කෑ ගහල පුරසාරම් දොඩවනවා වෙනුවට ඔබගේ සාර්ථකත්වය කණ්ඩායම එක්ක බෙදා ගන්න සේවකයෙක් වෙන එක වඩාත් සුදුසුයි. ඒක සහෝදරත්වයට මඟ පෙන්වනව වගේම විවෘත සංස්කෘතියක් පෝෂණය කරනව.
තාක්‍ෂණික දැනුමක් ලබාගන්න
ඔයාගේ ව්‍යාපාරයට හා තරඟයට සමීපව සම්බන්ධ වෙනස් වන තාක්ෂණය සේවකයෙක් විදියට තේරුම් ගත්තම, ඒක ලොකු bonus එකක්. ඔයා සමාගමට අලුත් perspective(දෘෂ්ටිකෝණයක්)එකක් දෙනවා වගේම, වටේ ඉන්න අයටත් ලේසියෙන් උගන්නන්න පුළුවන් . එතකොට කාවහරි පිටින් ගෙනල්ලා සල්ලි නාස්තිකරන්න සමාගමට ඕන වෙන්නෙ නෑ