Saturday, March 25, 2023
No menu items!
HomeEMPLYOMENTBehavioral Interview එකකට මුහුණ දෙන්නේ කොහොමද කියලා දන්නවද ?

Behavioral Interview එකකට මුහුණ දෙන්නේ කොහොමද කියලා දන්නවද ?

Interveiw(සම්මුඛ පරීක්ෂණයක) එකකදී අහන්න හොදම චර්යා ප්‍රශ්න

Edited in Prisma app with Dallas

චර්යාත්මක interview එකක් කියන්නෙ මොකක්ද? ඒක interview එකක් වගේම, අහන ප්‍රශ්න වලට අපේක්ෂකයා, ඒ අයගෙ විශේෂ අවස්ථාවන් ගැන උදාහරණ දෙන්න ඕනෙ වගේම ඒ කාර්යය ඉටු කරන්න යම් කුසලතා පාවිච්චි කරන්න ඕනෙ. මූලික වශයෙන්, ඔයාගෙ ඉස්සර වැඩ වලින් ඔයාගෙ නව අනාගත සේවායෝජකයා වෙනුවෙනුත් ඒ විදිහටම කරන්න පුළුවන් කියලා,හැකියාව තියෙනව කියල, , ඔප්පු කරන්නෙ මේ interview එකෙන්.

චර්යාත්මක interview ප්‍රශ්න අපේක්ෂකයට සාමාන්‍ය පිළිතුර පහුකරල ගිහිල්ලා එයාගේ personal history (පුද්ගලික ඉතිහාසය) එකේ විශ්වාසය තියන්න බල කරනවා. මේ විදිහට, බඳවා ගැනීමේ කළමනාකරුට ඔවුන් රැකියාව සඳහා හොඳම අපේක්ෂකයා ගෙන එන බව සහතික වෙන්න පුළුවන්. ඔයා ඒ රැකියාව ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, ඔයා ඕනම දේකට සුදානම් වෙන එක අවශ්‍ය වෙනවා වගේම එකෙන් ඔයාව තරඟයෙන් කැපිල පේනවා.

චර්යාත්මක interview ප්‍රශ්න විසඳන්න හොඳම ක්‍රමය මොකක්ද?

Edited in Prisma app with Dallas

ඔයාගේ කාලය ගන්න.

ඔයා ප්‍රශ්නයට පිළිතුරු දෙන්න ඉස්සෙල්ලා පොඩි වේලාවක් ගන්න බය වෙන්නෙපා. හුස්ම ගන්න, වතුර ටිකක් බොන්න, ඔයාගේ කකුල් දිහා බලන්න හරි විරාමයක් ගන්න ඔයාට නිදහස තියෙනව. ඒකෙන් ඔයාගෙ ස්නායු සන්සුන් කරන්න සහ ප්‍රශ්නයට සුදුසු පිළිතුරක් ගැන හිතන්න කාලය ලබා දෙනව.

වේලාවට ඉස්සෙල්ලා සූදානම් වෙන්න.

දැන්,මේකනම් එච්චර හිතන්න දෙයක් නෙමේ ඔයා වෙලාවට කලින් ගොඩක්ම පොදු චර්යා interview ප්‍රශ්න(පහත ඒව ලැයිස්තුගත කරල තියෙනවා) වලට උත්තර පුරුදු වෙන්න, උත්තර බලන්න. ඔයා මේක කරන්න ඕනෙ ඇයි? චර්යාත්මක interview ප්‍රශ්න වලට ඔයා ළඟ පිළිතුරු අතලොස්සක් තියෙන බව සහතික වෙනව වගේම, ඔයා දන්නේ නැති සූදානම් නැති ප්‍රශ්න අහන එක අඩු වෙනවා,එතකොට ඔයා ගොඩක් වෙලා කල්පනා කරන්න ඕනෙ නෑ.

STAR තාක්ෂණය පාවිච්චි කරන්න

Edited in Prisma app with Dallas

ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දෙනකොට, STAR තාක්ෂණය භාවිතා කරන්න වග බලා ගන්න. ඔයා එක් එක් පියවර හතර සම්පූර්ණ කලාම, ඔයාට සවිස්තරාත්මක පිළිතුරක් දෙන්න පුළුවන් වගේම මාතෘකාවෙන් ඉවතට යන්නේ නැති වෙනවා.

(S) Situation – තත්වය. තත්වය සිදු වූයේ කවදාද සහ කොතැනද යන්න විස්තර කරන්න.
(T) Task – කාර්යය. ඔයාට සම්පූර්ණ කිරීමට අවශ්‍ය වෙච්ච කාර්යය විස්තර කරන්න. මේ කාලය තුළ ඔයාට ආපු ගැටලුත් ඇතුළත් කරන්න.
(A) Action – ක්‍රියාව. කාර්යය සම්පූර්ණ කරන්න ඔයා ගත්ත ක්‍රියාමාර්ගය මොනවද කියලා පැහැදිලි කරන්න.
(R) Results – ප්‍රතිඵල. ඔයාගෙ ක්‍රියා වල ප්‍රතිඵල පැහැදිලි කරල ඔයාගෙ ක්‍රියාවන් මේ සාර්ථකත්වය ගෙනාපු විදිහ ගැන අවධානය දෙන්න.

ධනාත්මක වෙන්න.

සාමාන්‍යයෙන්, චර්යාත්මක interview ප්‍රශ්න වලදී ඔයාගෙ රැකියාවෙදී අත්වින්ද ගැටලුවක් හරි අසමත් වීමක් හරි කෙරෙහි අවධානය දෙන්න ඕනෙ. ඒ හින්දා, ඔයා මුහුණ දීපු ගැටලුවයි, ගැටලුව විස්තර කරන්නයි වග බලා ගන්න, ඒත් රිණාත්මක දේට වැඩි අවධානයක් දෙන්න එපා. ඒ වෙනුවට,ඉක්මනට ඔයා ගැටලුව විසදපු විදිහ හා ධනාත්මක ප්‍රතිඵලය මොකක්ද කියලා විස්තර කරන්න.

පොදු චර්යා interview ප්‍රශ්න මොනවාද?

Edited in Prisma app with Dallas

ඔයාගෙ රැකියාවේ, ගැටලුවක් විසඳන්න ඔයා තර්ක පාවිච්චි කරපු එකට උදාහරණයක් දෙන්න.

ඔයාගේ රැකියා ජීවිතේ, ඔය ලං වෙච්ච ඉලක්කයක් හා ඔයා ඒක සාක්ෂාත් කරගත්ත විදිහ ගැන උදාහරණයක් දෙන්න.

ඔයාගේ වෘත්තීය ජීවිතයේ, ඔයා සපුරා නොගත් ඉලක්කයකුයි ඔයා ඒ හින්ද හසිරුණු විදිහ ගැනයි උදාහරණයක් දෙන්න.

ඔයා සම සේවකයෙකු එක්ක දුෂ්කර තත්වයකට මුහුණ දීල තියෙනවද? කොහොමද?

ඔයා supervisor කෙනෙක් (අධීක්ෂක කෙනෙක් ) / වෙනත් දෙපාර්තමේන්තුවක් / සේවාදායකයෙක් එක්ක දුෂ්කර තත්වයක් හසුරුවා තියෙනවද? කොහොමද?

ඔයා සම සේවකයෙක් එක්ක එකඟ වෙන්නැත්නම් නම් ඔයා කරන්නේ මොකක්ද?

ඔයා ඔයාගෙ ප්‍රධානියා එක්ක එකඟ වෙන්නත්නම් නම් ඔයා කරන්නේ කුමක්ද?

රැකියාවේදී ආතති සහගත තත්වයක් හා ඔයා ඒක හැසිරවූ ආකාරය විස්තර කරන්න.

ඔයාගේ වෘත්තීය ජීවිතේ ඔයා පීඩනය එක්ක ඵලදායි විදිහට වැඩ කර ඇති ආකාරය ගැන මට කියන්න.

ඔයා අභියෝගයකට මුහුණ දෙන්නේ කොහොමද?

ඔයා කවද හරි වැරද්දක් කරලා තියෙනවද? වැරැද්දක් හැසිරුවේ කොහොමද?

ඔයා ගත් තීරණයක් ඔයාගේ සමකාලීනයන් අතර ජනප්‍රිය නොවුණානම් ඒක ක්‍රියාත්මක කරපු විදිහ විස්තර කරන්න

ඔයාගේ සමකාලීන් කැමති නැති වෙච්ච ව්‍යාපෘතියක වැඩ කරන්න ඒත්තු ගැන්වීමට ඔයාට වෙලා තියෙනවද? ඔයා කොහොමද ඒක කළේ?

සේවකයින් හෝ සම සේවකයින් පෙළඹවන්න ඔයාට හැකි වෙච්ච ආකාරය ගැන උදාහරණයක් කියන්න.

ඔයා කවදාහරි තීරණයක් ගැන්න කල් දමා තියෙනවද? ඇයි ඒ?

ඔයා එකඟ නොවිච්ච සමාගම් ප්‍රතිපත්තියක් එක්ක ඔයා කවදා හරි කටයුතු කරල තියෙනවද? කොහොමද?

ඔයා ඔයාගෙ රැකියා භූමිකාවට හා වගකීම්වලට වඩා ඉහළින් ගොස් තියෙනවද? ඒ කොහොමද?

ඔයා එක එක ව්‍යාපෘති වල වැඩ කරන කොට, ඔයා පළමු තැන දුන්නේ කොහොමද?

Deadline සපුරාගන්න ඔයා කටයුතු කළේ කොහොමද? ඔයා ඒක නියමිත දවසට කළාද? එහෙම නැත්නම්, එහෙම නොවෙන්න හේතුව මොකක්ද?

ඔයා ඉලක්ක තියල ඒවා සාක්ෂාත් කර ගන්න ආකාරය ගැන උදාහරණයක් දෙන්න.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments