Saturday, March 25, 2023
No menu items!
HomeSELF EMPLOYMENTBlog එකක් පටන් අරන් earn කරන්න කැමති කවුද ? Part 2

Blog එකක් පටන් අරන් earn කරන්න කැමති කවුද ? Part 2

WordPress theme එකක් (තේමාවක්) තෝරගන්න

Edited in Prisma app with Speed ​​boat

ඔයා blog එකක් පටන් ගන්නේ කොහොමද කියලා බලනකොට, සාර්ථක එකක් සැලසුම් කරද්දි වැදගත් පියවරක් වෙන්නේ හරි theme තෝරා ගන්න එකයි.

ඔයාගේ theme එක ඔයාගේ website එකේ සමස්ත පෙනුම, හැඟීම හා විලාසයයි. වර්ණ පටිපාටිය, layout එක සහ style එක වගෙ දේවල් මේකට ඇතුළත් වෙනව. සාරාංශය, ඔයාගේ web site theme එක ඔයාගේ වෙළඳ නාමයේ නිරූපණයක් වෙනවා වගේම ඒක ඔයාගේ පරිශීලකයින්ගේ අත්දැකීම් වලට කෙලින්ම බලපානව.

Themes දහස් ගණනකින් තෝර ගන්න පුළුවන් වගේම, ඔයාගේ blog එකට හරි තේමාව තෝරා ගන්න ක්‍රියාවලිය ගොඩක් ලොකු වෙන්න පුළුවන්. ඔයාට ඕන එක හරියට හොයාගන්න wordpress විශේෂාංග filter එක පාවිච්චි කරන්න පුළුවන්.

Theme filter විශේෂාංගයෙන් විෂය අනුව වර්ග කරන්න ඔයාට ඉඩ දෙනවා (මේ අවස්ථාවේදි ඔයාට blog theme එකක් ඕනෙ වෙනව), වගේම layout එක හා තව වැදගත් සැලසුම් අංග තියෙනවා

මේවාට ඇතුළත් වෙනව (නමුත් නිසැකවම ඒවාට සීමා වෙන්නෙ නෑ):

BuddyPress
Custom background
Custom logo
Flexible header
Front page posting
Posting formats
Sticky posts
Translation ready

ඔයා blog එකට හොදම theme එක හොයාගත්තට පස්සේ,වෙලාව හරි ඒක customize කරන්න , එතකොට ඒක ඔයාගෙම කියලා අනිත් ඒවයෙන් කැපිල පේනවා

Customize කරන්න අදහස්

Edited in Prisma app with Speed ​​boat

ඔයාට ඕනෙ වෙනව එකඑක wordpress plugin එකතු කරලා ඔයාගේ blog එකේ ක්‍රියාකාරීත්වය හරියට හදාගන්න. ඒත් පටන්ගනිද්දී, basic design guidelines ටිකක් අනුගමනය කරන එකෙන් ඔයාට ඉස්සරහට යද්දි උදව් වෙනවා.

අවුල් වෙච්ච තැන් අඩු කරගන්න සුදු අවකාශ වැඩි කරන්න.

අපි web නිර්මාණයේ මුල් දින දශක ගානක් පහුකරල තියෙනව. පත්තුවෙන බොත්තම් හා අවුල් සහගත වෙබ් අඩවි මතකද? Blog එකක් පටන්ගන්නේ හරි සැලසුම් කරන්නේ එහෙම නෙවේ.

ඔයාගේ පරිශීලකයන්ගෙ අවධානය ඔයාගෙ අන්තර්ගතයෙන් ඈත් කරන website එකක් ඔයාට ඕනෙ නෑ. ඔයාගේ blog එකේ ඔයා කියන දේට මිනිසුන්ගෙ අවධානය යොමු කරල තියා ගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි සුදු අවකාශය කියන දේ නිර්මාණය කරන එක

සුදු අවකාශය කියන්නෙ ඔයාගේ website එකේ සැලසුම් පිරිසිදුව, සරල හා ඵලදායී විදිහට තියාගන්න උදව් වෙන ඔයාගෙ copy එක හා රූප වටේ තියෙන හිස් අවකාශයි.

Stock photo පාවිච්චි කරන්න එපා.එකෙන් හොදට වඩා නරකක් වෙන්නෙ.ඇත්තටම stock photo ඔයාගේ blog එකට උදව් කරන්නේ නෑ.ඔයාගෙ post හා ලියන දේවල් එක්ක අතිරේක මාධ්‍ය අනිවාරෙන් ඇතුළත් කරන්න , ඒත් වෙන කෙනෙක්ගේ පින්තූර පාවිච්චි කරන එකෙන් ඔයාගේ blog එක විශේෂ වෙන්නෙ නැති වෙනවා

ඔයාට සල්ලි තියෙනව නම් (හෝ කුසලතා), professional කෙනෙක් ගත්ත පින්තූර ඇතුළත් කරන එක තමයි හොඳම ක්‍රමය. ඇත්ත, ඒක මිල අධික වෙන්න පුළුවන්.

ඔයාගේ blog සටහන් වලට හරියන පින්තූර ගන්න ඔයාගේ mobile phone එක දැන් බලවත් ඇති කියල හිතනව. ඔයා මුලින්ම blog එකක් පටන් ගන්නේ කොහොම හා පළ කරන්න ඕනෙ මොනවද කියලා හොයාගන්නකොට තියෙන ලේසිම විසඳුම මේක.

ඔයාගේ ඔක්කොම icon එකම සැලසුමක් සහ අකුරු වර්ගයක් පාවිච්චි කරන්න ඕනෙ නෑ, ඒත් ඔයාට ඕනෙ වෙන්නේ මුළු website එකේම තියෙන ඔක්කොම අකුරු එකම කාණ්ඩයක් ඇතුලේ තියා ගන්න – සමහර ඒව හැරෙන්න.

ශක්තිමත් වර්ණ

Edited in Prisma app with Cartoon

ඔයාට සුදු අවකාශය එක්ක ගොඩක් රැඳිලා ඉන්න ඕනේ උනත්, ඔයා වර්ණ පාවිච්චි කරන කොට, ඒවා ගොඩක් වෙනස් වෙන්න ඕනේ. හොඳින් සැලසුම් කරපු blog එකක් කාටහරි පාවිච්චි කරන්න, කියවන්න හා බෙදා ගන්න ලේසි කරනව.

එකිනෙකට වෙනස් පාට පාවිච්චි කරන එකෙන් , ඔයා කියවීමේ හැකියාවයි රඳවා තබා ගැනීමයි වැඩි කරනව.

Design එක පිලිවෙලකට තියාගන්න

Edited in Prisma app with Speed ​​boat

Blog එකක් පටන්ගන්නේ කොහොමද කියල හොයල බලද්දී ඔයාට පාවිච්චි කරන්න පුළුවන් මූලික සැලසුම් සම්මුතීන් ගොඩක් තියෙනව. ඔයාගේ website එක පරිශීලකයාගේ මූලික ක්‍රියාකාරී අපේක්ෂාවන්ට වඩා අඩුවෙන්,අසාමාන්‍ය කරන්න ඕනෙ නෑ.

Web design වල මේ මූලික සීමා ඇතුලේ නිර්මාණශීලී වෙන්න ඕන තරම් ඉඩ තියෙනව. ඒත් ඔයා දැන් පටන්ගනිද්දි,කොටුවෙන් එළියේ හිතනවට වඩා කොටුව ඇතුලේ වැඩ කරන එක ගොඩක් හොදයි.

පාවිච්චි කරන්න සම්මත blog රීති කිහිපයක් පහල තියෙනව:

Headers
Footers
Seach bars
Sidebars
Social media shares
Author attribution
Subscription options

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments