Saturday, March 25, 2023
No menu items!
HomeSAVEමුදල් ඉතිරි කරන ක්‍රම දැනගන්න කැමතිද ? Part 2

මුදල් ඉතිරි කරන ක්‍රම දැනගන්න කැමතිද ? Part 2

කොහේහරි යද්දි සල්ලි ඉතිරි කරන්න

@ පොදු ප්‍රවාහනය භාවිතා කරන්න සහ / කුලී රථ පාවිච්චි කරන්න එපා

සමහර ස්ථාන වලට යන්න පුළුවන් car එකකින් විතරයි. ඒත් හොඳ පුහුණුවක් විදිහට, ඔයාගෙ පොදු ප්‍රවාහන ක්‍රම පාවිච්චි කරලා google map එක බලලා ඔයාට යන්න ඕනෙ තැනට ලගින් යන පාරක් තියෙනවද කියල බලන්න. ඔයාට පුළුවන් තරම් ඇවිදින්න.

සාමාන්‍යයෙන් shopping යද්දි මුදල් ඉතිරි කරන්න

@ Online Shopping

Shopping කරන්න තැනකට යනවා වෙනුවට online shopping කලාම ඔයාගෙ තෙල් හෝ ප්‍රවාහන ගාස්තු ඉතිරි කරනවා වගේම හොඳ discount items ද හොයා ගන්න පුළුවන්

Edited in Prisma app with Daryl Feril

@ඔයාගෙ පරණ දේවල් විකුණන්න

ඔයාගෙ අනවශ්‍ය දේවල් විකුනලා දාලා එකෙන් ස්ල්ලි ටිකක් හොයාගන්න

@ තොග මිලදී ගැනීමේ වෙළඳසැල්

රෙදි හෝදන කුඩු සබන් කිරිපිටි වගේ ඉක්මනින් විනාශ නොවන / හිමින් විනාශ වෙන මිලදී ගැනීම් වලට, තොග මිලට බඩු විකුනන කඩයක් හොයාගන්න.

සමහර කඩවල් එක්ක ගනුදෙනු කරද්දි පරිස්සම් වෙන්න මොකද ඒ වංචා කරනව කියල සරල ගණනය කිරීමකින් පස්සේ හොයාගන්න පුලුවන් .

@ සාමාන්‍ය වෙළඳ නාම බෙහෙත්

ගොඩක් වෙලාවට, paracetamol සහ වෙන බෙහෙත් ඒවගේ brand එක වගේම වැඩ කරනවා.
ඒ නිසා brand එකට වැඩිපුර ගෙවන්න අවශ්‍ය වෙන්නෙ නෑ.

Edited in Prisma app with Daryl Feril

@ Perfume නෙවේ deodorant තෝරන්න

මට පුදුම හිතෙනවා කවුරුහරි රුපියල් 25,000/- දීලා perfume බෝතලයක් ගත්තම. හොඳ deodorant එකක් පාවිච්චි කරන්න, එතකොට ඔයාට හොඳ සුවඳක් දැනෙනවා විතරක් නෙමේ ඔයාගේ දහඩියත් නැති කරනව!

ගෙදර වියදම් අඩුකරන්න

@ Printing

තීන්ත කියන්නෙ කාර්යාලයේ වඩාත්ම මිල අධික ද්‍රව්‍යයක් වගේම පාට තීන්ත ඊට වඩා දෙගුණයක් විතර ගණන් වැඩී.

ඊට වඩා කාර්යක්ෂමව කළු සහ සුදු තෝරන්න, ඔයාගෙ printer එකේ දෙපැත්තටම print කරන්න බැරි නම්, ඉස්සෙල්ලාම ඔත්තේ පිටු ටික print කරන්න, කොලේ ආයෙ ඇතුළු කරල ඉරට්ටේ පිටු ටික print කරන්න.

ඔයාට යන කොළ ටික අඩු කරන්න ඔයාට පුළුවන් හැම වෙලාවෙම ඔයා print කරන දේවල් වල margins අඩු කරන්න.

@ SMS සහ දුරකථන ඇමතුම් අඩු කරන්න

Whatsapp වගේ නොමිලේ chat සේවාවක් සහ නොමිලේ ඇමතුම් සේවා එකතු කරලා ඔයාගෙ bill එක අඩු කරන්න පුළුවන් (ඔයාට හොඳ wifi connection එකක් තියෙන තාක් කල්).

@ ඔයාගෙ කුලිය / උකස නැවත සාකච්ඡා කිරීමට උත්සාහ කරන්න

ඔයා හොඳ ණය ඉතිහාසයක් හරි ඔයාගෙ ඉඩම් අයිතිකාරයා එක්ක හොඳ සම්බන්ධයක් ගොඩනඟා ගෙන තියෙනව නම්, ඔයාගෙ වියදම් අඩු කරන්න ඕනෙ වෙන එක ගැන අවංක කතාබහකින් ඔයාගේ ගෙවීම් අඩු කරගන්න පුළුවන්. ඔයා උත්සාහ කරන එකෙන් ඔයාට මොනවත් නැති වෙන්නේ නෑ.

Edited in Prisma app with Daryl Feril

@ TV එකක් ගන්න එපා

Computer එකක්/ laptop එකක් සහ internet package එකකට විතරක් ආයෝජනය කරන්න. ඔයාට website වල (හා බොහෝ විට වඩා හොඳ) දේවල් බලන්න පුළුවන් වගේම දැන්වීම් ද මඟ හරින්න පුළුවන්.

@ ඔබේ internet bill එක බෙදා ගන්න

පවුලෙ සියලු දෙනාටම එකම wifi package එකක් ගත්තම වෙන වෙනම යන ලොකු වියදමක් අඩු කරගන්න පුලුවන් .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments