Friday, March 24, 2023
No menu items!
HomeINVESTපඩි වැඩි වීමක් සාර්ථකව යොදාගන්නේ කොහොමද ? Part 1

පඩි වැඩි වීමක් සාර්ථකව යොදාගන්නේ කොහොමද ? Part 1

උසස්වීමක් ගත් විටදී ලැබෙන වැටුප කලමනාකරණය කරමු

Edited in Prisma app with Femme

උසස් වීමක් ලැබුන කියන්නෙ අපේ සිහිනයක් හැබෑ වුනා වගේ. මොකද කිවුවොත් අපිට කලින් වැටුපට වඩා ලොකු වැටුපක් උසස් වීමකදී ලැබෙනව. ඉතින් මේ මුදල ඔයාගෙ ණය මුදල් ගෙවන්න වගේම , ඔයා බලාපොරොත්තු උනු සැපපහසු ජීවිතය ගත කරන්නත් ඔයාට උදව් වෙනවා.

නමුත් මේ වගේ අවස්ථාවකදී ඔයා සැලකිලිමත් වෙන්න ඕනි දෙයක් තමයි ක්‍රෙඩිට් කාඩ් එකෙන් අනවශ්‍ය විදිහට සල්ලි වියදම් කරල ණය වෙන එක. ශ්‍රී ලාංකිකයො විදිහට අපි ණය උගුලට හසු වෙන හේතුවක් තමයි අපේ ආදායම වැඩි වෙනවත් එක්ක අපි කරන අනවශ්‍ය වියදම් ප්‍රමාණයත් වැඩි වෙන එක

ඉතින් දැන් අපි කතා කරන්න යන්නෙ ඔයාට උසස්වීමක් ලැබුනාම හම්බවෙන වැටුප කොහොමද හරි විදිහට කලමනාකරණය කරන්නෙ කියල.

ඔබ සතුව කොපමණ මුදලක් තියෙනවද?

Edited in Prisma app with Femme

ඔයා මුදල් ඉතුරු කරන කෙනෙකු නම් ඔයා දැනට ඉතුරු කරල තියෙන මුදල දිහා බැලුවම සතුටු හිතෙන්න පුළුවන්. දැන් බලමු උසස්වීමෙන් පස්සේ ඔයාගෙ වැටුපට කීයක් වැඩිපුර ලැබෙනවද කියල. මුලින්ම ඔයාට කරන්න තියෙන්නෙ ඔයාට කලින් ලැබුනු මුදල් ගානෙන් දැන් ලැබෙන මුදල් ගාන අඩු කරන්න. නමුත් ඔයා හිතනවනම් මෙහෙම අඩු කලාම ලැබෙන මුදල තමයි ඔයාට වැඩිපුර ලැබිල තියෙන්නෙ කියල , ඔයා වැරදියි.

උසස්වීමෙන් පස්සේ ඔයාට වැඩිපුර ලැබුන මුදල හරියටම බලාගන්න නම් වැටුපට එකතු වෙන බදු මුදල් ප්‍රමාණයත් අඩු කරන්න වෙනවා. ඉතින් ඔයාට තේරෙනවා ඇති ලොකු මුදලක් වැඩි වෙලා නෑ කියල.

ආදායම් හා වියදම් පරීක්ෂා කරන්න

Edited in Prisma app with Femme

මුදල් වියදම් කරන්න කලින් ඔයාගෙ ආර්ථික තත්වය පරීක්ෂා කරල බලන්න.පුළුවන් හැම මාසෙකදිම කලින් මාසෙට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ඉතුරු කරන්න උත්සාහ කරන්න. නිතරම මිල අධික දේවල් වලට වියදම් කරන එක අඩු කරන්න. ඉතින් මේ විදිහට කලොත් ඔයාට ලැබෙන මුදලින් ලොකු ප්‍රයෝජනයක් ගන්න ඔයාට පුළුවන් වෙයි. මේකෙන් ඔයාගෙ ණය අඩු කර ගන්න පුළුවන් වෙනවා වගේම ඔයාගෙ දරුවන්ගෙ උසස් අධ්‍යයාපන වියදම් උනත් පහසුවෙන්ම ගෙවන්න ඔයාට හැකියාවක් ලැබෙනව.

මේ මුදල් තැන්පත් කරන්න සුදුසුම ස්ථානය කුමක්ද?

Edited in Prisma app with Femme

ඔයාට පුළුවන් මේ මුදල් මාසික වැටුපෙන් ගෙවෙන විදිහට විශ්‍රාම ආයෝජන සැලැස්මකට තැන්පත් කරන්න.මේ ක්‍රමයෙන් ඔයාගෙ අනාගතය සුරක්ෂිත වෙනව.

දැන්ම ඉදන් ඔයාගෙ අනාගතය සැලසුම් කරන එක වගේම ඔයාගෙ අනවශ්‍ය වියදම් අඩු කරන්න පුරුදු වෙන එක හොදයි. මොකද කිවුවොත් ඒකෙන් ඉතුරු වෙන මුදල ඔයාට පුළුවන් නැවතත් ආයෝජනය කරන්න.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments