ඔයාගෙ budget එක අඩු කරන පුරුදු මොනාද කියලා හොයන්න

ඔයා ඔයාගෙ finances track කරන්න පටන් ගත්තට පස්සෙ ඔයාගෙ budget එක අඩු කරන පුරුදු මොනාද කියන එක හොයන්න පුළුවන්. ඒ පුරුදු වලට ලොකු වියදමක් තියෙන hobbies, කෑම වලට , ඇදුම් වලට ඕනවට වඩා වියදම් කරන එක වගේ දේවල් ගොඩක් ඇතුල් වෙන්න පුඵවන්.
ඔයාගෙ budget එකෙන් ලොකු ගාණක් නාස්ති කරන පුරුදු මොනාද කියන එක හොයා ගත්තට පස්සේ ඔයා ට ඒවා ඇත්තටම ඕනෙද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන්.
Products වලට වඩා savings වලට වටිනාකමක් දෙන්න

ගොඩක් අය සාමාන්‍යයෙන් ඉතුරු කරන්න දක්ෂයි වගේම ඒ එකතු කිරීමෙන් සතුටක් ලබනවා. තවත් අයට සල්ලි කියන එක අතට ආවට පස්සේ එවෙලේම වියදම් කරන්න ඕන දෙයක් වගේම අනිත් හැමදේම නාස්ති කරන වෙලාවක් විදිහට ගන්නවා.
උඩින් කිව්ව දෙවෙනි විදිහේ කෙනෙක් නම් ඔයා එක එක දේවල් වලට වියදම් කරනවට වඩා ඉතුරු කරන්න පුළුවන් mind එකක් හදා ගන්න try කරන්න. අන්තිමට ඔයා invest කරපු සල්ලි හරි ඉතුරු කරපු සල්ලි හරි හැම වෙලේම ඔයාගෙ life එකට ඕන වෙන්න පූළුවන්. අපි Products වලට වියදම් කරන සල්ලි වලට වඩා කෙටි කාලයක් ඇතුලත ඒවා විනාස වෙන නිසා ඒ ගැන උනන්දු වෙන්නේ නෑ.
කලින් invest කරන්න

ඔයාගෙ සල්ලි මොලේ පාවිච්චි කරලා වියදම් කරනවා කියන්නේ.. අනවශ්‍ය දේවල් මිලට ගන්න එක අඩු කරන එකම නෙවෙයි. ඔයා ඉතුරු කරන සල්ලි අරගෙන ඔයාගෙ financial goals වලට යන්න උදවු වෙන දේවල් වලට වෙන් කරන්නත් ඕන. ඒක හිතාගෙන ඉක්මනට invest කරන එක හරි අඩුවෙන් invest කරන එක හරි වගේ දෙයක් නැ.
ඔයා කොච්චර තරුණ ( වයස) කෙනෙක් උනත් ඔයාට invest කරන්න තියෙන සල්ලි කොච්චර අඩු උනත් කාලයත් එක්ක ඔයාගෙ සල්ලි වල වටිනාකම වැඩි කරන quality companies ( stocks ) වලට ඔයාගෙ සල්ලි යොදවන එක මොලේ කල්පනා කරලා සල්ලි පාවිච්ච් කරන එකක්.