Saturday, March 25, 2023
No menu items!
HomeEXPENDමුදල් වියදම් කරලා සතුටක් ලබන්න දන්නවාද ? Part -1

මුදල් වියදම් කරලා සතුටක් ලබන්න දන්නවාද ? Part -1

ඔබේ සතුට වෙනුවෙන් මුදල් වියදම් කරන ආකාරය:

ඔයා ලග දැනට තියෙන මුදලට වඩා යම් කිසි සුලු හෝ විශාල අමතර මුදලක් ඉතුරු කරගන්න ඔයා වාසනාවන්තයි නම් ඒ අමතර මුදල වියදම් කරන ආකාරය ඔයාට තීරණය කරන්න වෙනවා. මේ ගන්න තීරණය ඔයාගෙ යහපැවැත්මට බලපෑමක් ඇතිකරනව කියල මනෝවිද්‍යාත්මක පර්යේෂණ පෙන්නුම් කරනව. ඉතින් ඔයාගෙ ලග තියෙන අමතර මුදල් හරි විදිහට වියදම් කරන්න මේ ලිපි මාලාවෙන් කියල දෙනව.

ද්‍රව්‍ය/භාණ්ඩ මිලදී ගැනීමට වඩා අත්දැකීම් ලබා ගන්න එකට මූලිකත්වය දෙන්න

Edited in Prisma app with Melody

ඔයා හිතනව ඇති අත්දැකීම් ලබා ගන්න වියදම් කරන එක බොරු වැඩක් කියල. මොකද අත්දැකීම් ද්‍රව්‍ය හෝ භාණ්ඩ තරම් කල්පවත්තින්නෙ නැති නිසා. නමුත් ඒක එහෙම නෙමෙයි. ටෙක්සාස් වල විශ්වවිද්‍යාලයක කරපු පරීක්ෂණයෙන් ඒ කතාව ඔප්පු වෙලා තියෙනව. මේ පරීක්ෂණයෙදී කණ්ඩායම් දෙකක් බෙදලා ඒ දෙගොල්ලටම එක සමාන මුදල් දීල එක කණ්ඩායමක් මුදල් වලින් භාණ්ඩ මිලදී ගන්න හා අනික් කණ්ඩායමකට අත්දැකීම් ලබා ගන්න මුදල් වියදම් කරන්න කියල අණ කලා. කොහොමහරි මේ පරීක්ෂණයේ ප්‍රතිඵලය විදිහට අත්දැකීම් ලබා ගන්න මුදල් වියදම් කරපු කණ්ඩායම වැඩිපුර සතුටින් හිටිය කියල තමයි සදහන් වෙන්නෙ.

මේකට හේතුව තමයි මුදල් දීලා ගත්තු භාණ්ඩය අවුරුදු ගානක් එක විදිහට පැවතුනත් ලබා ගන්න අත්දැකීම් විවිධාකාර විදිහට අපට බලපාන නිසා. මේ අත්දැකීම් බොහෝ වෙලාවට අපිව සතුටින් තියන්න උපකාරී වෙනවා. කෝර්නෙල් විශ්වවිද්‍යාලයයේ මනෝවිද්‍යාඥයෙක් කියල තියෙන විදිහට මිනිසුන් වඩාත් සතුටු වෙන්නෙ අත්දැකීම් වලින් කියල සහ මේ අත්දැකීම් දිනයේ අවසානයේ රසබර මතක ගොඩකුත් ඉතුරු කරනව.

නමුත් මිලදී ගන්න භාණ්ඩය මගින් සතුටුදායක අත්දැකීම් ලබා දෙන්න පුලුවන් නම් එය මිලදී ගන්න දෙවරක් හිතන්න එපා

Edited in Prisma app with Melody

උදාහරණයක් විදිහට හිතන්න ඔයා බයිසිකලයක් මිලදී ගත්ත කියල. ඔයාට පුලුවන් කලින් ගියපු නැති තැන් වල සංචාරය කරන්න , දුර පළාතක ඉන්න යාළුවෙක් හම්බ වෙන්න යන්න වගේ සතුටුදායක අත්දැකීම් ලබා ගන්න.

අනෙක් පුද්ගලයන් වෙනුවෙන් මුදල් වියදම් කරන්න

Edited in Prisma app with Melody

ඇමරිකානු එක්සත් ජනපදයේ මනෝවිද්‍යාඥයෙක් වෙන එළිසෙබත් ඩන් දවසක් එයාගෙ ශිෂ්‍යයන්ගෙන් මේ වගේ ප්‍රශ්නයක් අහනව. ” මිනිස්සු වැඩිපුර සතුටු වෙන්නෙ තමන්ට වියදම් කරන්න මුදල් ත්‍යාගයක් ලබා දුන්නොත්ද නැත්නම් ඒ මුදල් තවත් පුද්ගලයෙක්ගෙ යහපත වෙනුවෙන් වියදම් කලොත්ද ?” කියල . හැමෝගෙම පිළිතුර උනේ ” මිනිස්සු වැඩිපුර සතුටු වෙන්නෙ තමන්ට වියදම් කරන්න මුදල් ත්‍යාගයක් ලබා දුන්නම ” කියන එක. නමුත් එළිසෙබත් ඩන් කරපු පරීක්ෂණයෙන් ඒ ප්‍රකාශනය වැරදි එකක් කියල ඔප්පු උනා

එළිසෙබත් ඩන් හොයාගත්තු තව දෙයක් තමයි තමන්ගෙ වැටුප කීයක් වුනත් ඒකෙන් වැඩි කොටසක් අනික් අයගෙ යහපත වෙනුවෙන් වියදම් කරන අය තමයි ලෝකෙ වැඩිපුරම සතුටින් ඉන්න අය කියන එක.


RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments