Saturday, March 25, 2023
No menu items!
HomeBORROWබැංකු ණයක් ගන්න එක ගැන මොකද හිතන්නෙ ? Part 1

බැංකු ණයක් ගන්න එක ගැන මොකද හිතන්නෙ ? Part 1

ඔයාගේ ව්‍යාපාරය තවමත් තරුණ, දියුණු වෙමින් යන ව්‍යාපාරයක් වෙන්නට පුලුවන් . එහි දියුණුව වාඩාත් ශක්තිමත් කරන්නට හා එය තවත් පෝෂණය කරන්නට ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් ඔයාට නැති වෙන්නට පුලුවන් .එවන් වෙලාවට ඔයාට මූල්‍යමය විකල්පයන් තෝරගන්න පුලුවන් .මෙම විකල්පයන්ගෙන් එකක් තමයි බැංකු ණය ලබා ගැනිම. එය වඩාත් ජනප්‍රිය වන අතර ධනවාදය පවතින කාලයේද එය පැවතුනි. කොහොම උනත් බැංකු ණයක් ගන්නට පෙර, බැංකු ණයක ඇති වාසි සහ අවාසි මොනවාදැයි දැන ගැනීම වැදගත් වෙනවා.

වාසිය: එය ඔබට විශාල මිලදී ගැනීම් කිරීමට ඉඩ සලසනවා.

Edited in Prisma app with Sea buckthorn tea

විශාල මිලදී ගැනීම්, විශේෂයෙන් ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය වත්කම් හෝ ව්‍යාපාරයේ වෙනත් අවශ්‍යතාවක් සදහා බැංකු ණයක් ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්. බැංකු ණයක් ආධාරයෙන් ඔයාට මිලදී ගන්න පුලුවන් දේවල් අතර දේපළ, යාන වාහන සහ යන්ත්‍රෝපකරණ යනාදිය ඇතුළත් වෙනවා. බැංකු මගින් ව්‍යාපාර සඳහා ඉමහත් ප්‍රතිලාභ ලබා දෙනවා, ඒ ඔවුන් නොමැතිව බොහෝ දෙනෙකුට ව්‍යාපාර ආරම්භ කිරීම හෝ ඒවා වර්ධනය කිරීම පහසු නොවන බැවිනි. ඇතැම් පුද්ගලයන්ට එය සිහිනයක්ම පමණි.

වාසිය: ඔබ ව්‍යාපාරයේ ඔබේ හිමිකාරිත්වය පවත්වාගෙන යයි

Edited in Prisma app with Sea buckthorn tea

සාමාන්‍යයෙන්, ඔයා බැංකුවකින් ණයක් ගත්තට පස්සේ ඔයා ඒ සල්ලි වලින් කරන්න ඕනි මොනවාද කියලා බැංකුව අපිට කියන්නේ නෑ. එය බැංකු ණය ගැනීමේ විශේෂ ලක්ෂණයක් . බැංකු නොවන මූලාශ්‍රවලින් වගේම වෙනත් මූල්‍යමය අයතන වලින් ලැබෙන ණය මගින් ඔයාගේ ව්‍යාපාරයට යම් අකාරයක බලපෑමක් තියනවා. සමහරක් අවස්ථා වලදි ණය ලබා ගැනීමට ව්‍යාපාරයෙන් ඔයාගේ අයිතියෙන් කොටසක් අත්හැරීමට සිදුවෙනවා.

නමුත් ඔයා බැංකුවකින් ණයක් ගත්තොත් , ණය කොන්ත්‍රාත්තුවේ නිශ්චිතව සඳහාන් වෙලා නැතිනම්, ඔයාගේ ව්‍යාපාරයේ හිමිකාරිත්වය බැංකුවට ලැබෙන්නේ නැ.

වාසිය: බැංකු ණය නම්‍යශීලී වේ.

Edited in Prisma app with Sea buckthorn tea

බැංකු ණයක් සඳහා විවිධ විචල්‍යයන් ඇතුළත් වෙනවා. ණයේ කාලසීමාව, ණය සඳහා අදාළ වන ගාස්තු, අයදුම් කිරීමේ අවශ්‍යතා, පොලී අනුපාත වගේ විචල්‍යයන්. මේවා එක් බැංකුවකින් තවත් බැංකුවට වෙනස් වන අතර බැංකුවත් සමග සාකච්ඡා කරගෙන ඉක්මනින් හා පහසුවෙන් , ඔයාට හිතකර කොන්දේසි වලට අනුව පහසුවෙන් ණයක් ලබා ගන්නට පුලුවන්.

වාසි: ණය වාර්තාව යහපත් කිරීම්

Edited in Prisma app with Sea buckthorn tea

බැංකු ණයක් ගැනීමේ තවත් වාසියක් තමයි ඔයා බැංකුවකින් ණය ලබා ගෙන එක නියමිත දිනට වේලාවට ගෙවීම් කරලා හැම වාරිකයක්ම අතපසු කරන්නේ නැතිව ගෙවීම් සිද්ද කිරීමෙන් ඔයාගේ CRIB වාර්තාව හොද වෙනවා . එයින් තවත් ඉදිරියට ණය ලබා ගන්නා විට ඔයාගේ පසුගිය ගෙවිම් සලකා බලලා කිසිම පැකිලීමක් නැතිව ණය ලබා දෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments