අවාසිය: ඔයාට ණය ආපහු ගෙවන්න බැරි නම්, ඔයා ව්‍යාපාරය වෙනුවෙන් තැබූ ඇපකර බැන්කුව යටතට ගන්න අවදානමක් තියෙනවා

ඔයා මුලින්ම ණයක් ගන්න කොට බැංකුව ඔයාගේ ව්‍යාපාරයේ හිමිකාරිත්වය ගන්නෙ නැ. කොහොම උනත්, agreement එක හදලා තියෙන විදියට, ඔයාට ණය ආපහු ගෙවන්න බැරි උන වෙලාවට ඔයා ව්‍යාපාර ණය සදහා තැබූ ඇපකර බැංකුව යටතට ගන්න පුළුවන්.
ගොඩක් ව්‍යාපාරික ණය අරක්ෂිතයි, එකෙන් කියන්නේ මොකක් හරි දෙයක් ණයට ඇපයට දෙන්න වෙනවා. එක ඇපයකරයක් හරි ඇපයක් වෙන්න පුළුවන්. ණය ඇපකරයක් සුරක්ෂිත කරලා තියෙනවා නම්, ඔයාට ණය ආපහු ගෙවන්න බැරි උන විට බැංකුවට ඔයාලාගේ ඒ ඇපකර වලට හිමිකම් කියන්න පුළුවන්.
අවාසිය: ඇපකරුවන්ගේ අවදානම

ණය ඇපකරයකින් සුරක්ෂිත කරලා තියෙනවා නම්, එකෙන් කියන්නේ වෙන කෙනෙක් ණයට අත්සන් කරලා තියෙනවා . ඔයා ණය ආපහු ගෙවලා නැත්නම්, ඔයා තව කෙනෙක්ව අවදානමට දානවා.
අවාසිය: ඉහළ පොලී අනුපාත

ඔයා බැංකුවෙන් ණයක් ගන්නා කොට, අනිවාර්යයෙන් ඔයා වැඩි පොලී කොන්දේසි තියෙන ණයක් අරගෙන තියෙනවා නම්, කාලයත් එක්ක පොලී අනුපාත ඉහළ යන්න ඉඩ තියෙනවා. එකෙන් ණය ආපහු ගෙවන්න ගොඩක් අමාරු වෙන්න පුළුවන්.
අවාසිය: ඔයාගේ ණය ඉතිහාසයට අවාසිදායක වෙන්න පුළුවන්

ඔයාට ණයක් දෙනවාද නැද්ද කියන එක සාකච්ඡා කරන කොට බැංකුව සලකා බලන වැදගත් දෙයක් තමයි ඔයාගේ ණය ඉතිහාසය. ඔයා කොටස් මූල්‍යකරණය වගේ වෙනත් අරමුදල් ප්‍රභවයන් බලන කොට බැංකු ණය ගන්න එක ගැන කරදර වෙන්න ඕනේ නෑ, ඒත් ඒක ණය මූල්‍යකරණයේ වැදගත්ම සාධක වලින් එකක්.
ඔයාට හොඳ ණය කලමනාකරනයක් තියෙනවා නම්, ඔයාගේ ණය අයදුම්පත අනුමත කරලා වාසිදායක කොන්දේසි ගන්න ඔයාට හොඳ අවස්ථා හම්බෙන්න පුළුවන්. අනික් පැත්තට, නරක ණය ඉතිහාසයකට ගොඩක් බැංකු කැමති නෑ වගෙම ඔයාට ණයක් ගැනිම අමාරු කරනවා.
අවාසිය: ඔයාගේ ණය ලකුණු අවදානම

ඔයාට හොඳ ණයක් තිබ්බත් බැංකුවෙන් ණයක් අර ගන්න කළමනාකරණය කළත්, ඔයා නියමිත වේලාවට ගෙවීම් කරන්න බැරි උනොත් හරි ණය සම්පූර්ණයෙන්ම ආපහු ගෙවන්න බැරි උනොත් ඔයාගේ ණය ලකුණු අඩු වෙන්න අවදානමක් තියෙනවා. කෙටි කාලීන ණය ගොඩක් අවදානම් මොකද කෙටි කාලයක් තුළ ඔයාගේ ණය ලකුණු අඩු වෙන්න පුළුවන්. දිගු කාලීන ණය එක්ක, අදාල වේලාවට ඉදිරියට ගෙවීම් කරන එකෙන් මගහැරැනු ගෙවීමක් නිවැරදි කරන්න පුළුවන්. කෙටි කාලීන ණයක් එක්ක,ඔයාගේ ණය ලකුණු සාමාන්‍ය තත්ත්වයට වඩා අඩු උනොත් ඔයාගේ ඊළඟ ණය අයදුම්පත්‍රයේ ඔක්කොම වෙනස් වෙන්න පුළුවන්.