Saturday, March 25, 2023
No menu items!
HomeBORROWHousing Loan එකක් ගන්න කලින් මොනාද හොයලා බලන්න ඕනෙ ? Part 1

Housing Loan එකක් ගන්න කලින් මොනාද හොයලා බලන්න ඕනෙ ? Part 1

දේපල කියන්නේ ඔයාට ගොඩාක් මූල්‍ය ප්‍රතිලාභ ලබා ගන්න උදවු වෙන වත්කමක්. ඔයාට දේපල ආයෝජනයකට හරි අලුත් නිවසක් ගොඩනගන්න හරි දේපළ මිලදී ගන්න බලාපොරොත්තුවක් තියනවනම්, බැංකු විසින් ඒ වෙනුවෙන් සහනදායක හා ලාභදායී ණය අවස්ථා රැසක් ලබා දිලා තියනවා. අලුතින් නිවසක් ගොඩනගන්න තමන් ළග තියෙන මුදල් හිගකමක් හරි ඉතිරි කරගත් දේවල් වියදම් කරන්න අකමැතිකමක් තියනවනමි, නිවාස ණයක් කියනෙනේ මූල්‍යමය වශයෙන් ලොකු ශක්තියක්.

අලුත් නිවසක සිහිනය සැබෑ කරගන්න ඔයාට බැංකු ණයක් පහසු ගෙවීමේ ක්‍රම වලට මාසිකව ගෙවන්න ලබා ගන්න පුලුවන් . බැංකු ණයක් සඳහා අයදුම් කරන්න කලින් ඒ ක්‍රියාවලියට අදාළ යෝජනා හා තවත් කරුණු දැනගෙන ඉමු .

ණය විකල්ප පිළිබඳ සොයාබැලීම

Edited in Prisma app with Underground

මේ වෙද්දී තාක්ෂණයේ තියෙන දියුණුවත් එක්ක අන්තර්ජාලය මගින් පහසුවෙන් තොරතුරු එක්‍ රැස් කරගන්න පුලුවන්. ඉතින් එමගින් ඔයාලට නිවාස ණයක් සදහා අයදුම් කරන්න කලින් ඒ ගැන වැඩිදුර සොයාබලන්න පුලුවන් .සොයාගත් තොරතුරු ඇතුළත මෙම තිරණාත්මක සාධක තුන , එනම් මූලික ගෙවීම, වාරික හා ආපසු ගෙවීමේ විස්තර ඇතුළත් වෙනවාද යන්න සැලකිලිමත් වෙන්න ඕනි. ඔයා නිවාස ණය ඉල්ලුම් කරන්න කලින් මේ කරුණු තුන ගැන හොදින් සොයාබැලීම මගින් ඔයාට වඩාත් හොඳ ණයහිමියෙකුගෙන් ආකර්ෂණීය පොලී අනුපාත යටතේ සුදුසු නිවාස ණයක් ලබාගන්න පුලුවන් . සාමාන්‍යයෙන් වෙනත් ණය වර්ග වලට වඩා වැඩි ප්‍රමාණයක් නිවාස ණය සදහා ලැබෙනවා. ඒ නිසා ණය ඉල්ලුම් කිරීමට කලින් හොඳ විමසීමක් කර බැලීම වඩාත් හොදයි .

දැරිය හැකි මිලක් ඉලක්ක කරන්න

Edited in Prisma app with Underground

ඔයා තෝරා ගන්න නිවාස ණයෙහි විවිධ විකල්ප තියෙන්නට පුලුවන් , නමුත් තමාට දාරාගත හැකි මිලකට ණයක් ලබා ගැනීම සුදුසුයි. ඔයාගේ ස්ථාවර මාසික වියදම් වගේම ඔයාගේ ජීවන වියදම ද සලකලා තමාට දරා ගන්නට පුලුවන් මිලක් තොරගන්න ඕනි. ඔයාගේ හැම මසයකම ගෙවන්නට තියන වියදම ලැබෙන ආදායම ට වඩා අඩුකර ගන්න. ඒවගේම හදිසි අවස්ථාවකදි ස්ථාවර ආදායමක් තිබිමෙන් තමාට කැමති නිවසක් කැමති වටපිටාවකින් ලබාගන්නට පුලුවන්. එම නිසා තමාට දරාගන්න පුලුවන් මුදලක් ලබා ගැනිම වැදගත් .

කල්පනාකාරීව වියදම් කරන්න

Edited in Prisma app with Underground

ඔයා නිවාස ණයක් ගත්තට පස්සේ, ඒ ණයට අදාළ මාසික වරික ගෙවන්න ඕනි. ඉතින් ඒ සඳහා ඔයා වඩාත් සුදුසු හා යෝග්‍ය අයවැයක් සදා ගන්න. ඔයා ඔයාගේ ණය කලට වේලාවට ගෙවීමක් කලොත් අමතරව කිසිම පොලියක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නෑ. සමාන්‍යයෙන් ණය ගෙවන කොට අතපසු වීම් මගහැරීම වෙනවා , ඒත් ඒ වගේ මගහැරීම් නැතිව ගෙවීමෙන් ඔයාගේ නිවාසේ අයිතිය ඔයාට ලේසියෙන්ම ලබා ගන්න පුලුවන්. මේ මගින් අදහස් වෙන්නේ ඔයා ඔයාගේ ආදායම ප්‍රවේශමෙන් වියදම් කරන්න ඕනි බවත්, හදිසි නැති දේවල් මිලදී ගන්න එක ප්‍රමාද කරන්න කියලයි . එමගින් තාමාගේ ආදායම පිටතට යෑම පාලනය වී ලබාගත් ණය ඉක්මනින් පියවන්න පුලුවන් .

සුදුසු වාරික තෝරාගන්න

Edited in Prisma app with Underground

මාසික වාරික මුදල රඳා පවතින්නේ තමා මතයි . ණය ගැතියන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීමට හා ඒවාට ගැළපෙන පරිදි බැංකු විසින් විවිධ වාරික විකල්ප ඉදිරිපත් කරලා තියනවා. නිවසක් මිලදී ගන්න කොට ඔයා ඉදිරිපත් කරන මූලික ගෙවීම මත ද වාරික රදා පවතිනවා. මූලික ගෙවීම විශාල වන තරමට, ඔයාට ගෙවන්න තියෙන වාරික ප්‍රමාණය අඩුවෙනවා. ඒ වගේම ඔයාගේ වාරික මුදල ඔයාගේ මුළු ආදායමෙන් 40% නොඉක්මවන බවට සහතික කර ගැනීම ද වඩාත් සුදුසුය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments