ඔයාගේ කතාව අන්තර්ජාලය හරහා ගෙනියන්න ……

ඔයාට බෙදා ගන්න කතන්දර ඇති: පොඩි කථා, ලොකු කථා, අර්ථවත් කථා. ඒත් ඒ ගන්න ඕනෙ නිෂ්චිත පියවර දන්නැතිව ඔයා blog අඩවියක් පටන්ගන්න පසුබට වෙලා තියෙනවා ඇති.
ඔයා කවදාවත් ඒ ක්‍රියාවලිය හරහා ගිහිල්ලා නැත්නම්, ඔයාගේ blog එක සැලසුම් කරන එක, හරි web host එකක් හොයාගන්න එක, අන්තර්ගතය නිර්මාණය කරන එක හා SEO එක ගැන දක්ෂ වෙන එක බය හිතෙන දෙයක් විදිහට පේනවා.
ඒත් ඔයා ක්‍රියාවලිය දැනගත්තට පස්සේ, සරල මාර්ගයක් තියෙනව. ලෝකෙ blog මිලියන සිය ගණනක් තියෙනවා වගේම,ගොඩක් active bloggers ල අඩුම ගානේ මාසෙකට පාරක්වත් blog එකේ මොනවහරි පල කරනවා.
Blog හදන එක හා update කරන එක ලේසි උනත් ඇති එකම අවාසිය තමයි ඒවා ඔක්කොම සීමිත අවධානයකට තරඟ කරන එක. මේකෙන් අදහස් කරන්නේ ඔයාට කැපිල පේන අන්තර්ගතයක් තියෙන ලස්සන බ්ලොග් අඩවියක් නිර්මාණය කරන්න ඕනෙ කියන එකයි.
තව, එකට අන්තර්ගතය නිරන්තරයෙන් පළ කරන්න ඕනෙ වන්නේ මිනිසුන් ඇදිල එන්නේ අලුත්ම blog වලට වගේම ගොඩක්ම relevant (අදාල) blog සටහන් වලට හින්දයි.
මේ ක්‍රියාවලිය පියවරෙන් පියවර කරන එකෙන් ඔයාට ඉක්මනින් ඔයාගෙ ප්‍රේක්ෂකයින් වර්ධනය කරගන්න පුළුවන් වගේම ලෝකය එක්ක අර්ථවත් අන්තර්ගතයන් බෙදා ගන්න පුළුවන්.
Domain name එකක් තෝරගන්න …..

ඔයා සුපිරි blog එකක් නිර්මාණය කරන්න ඉස්සෙල්ලා, ඔයා domain name එකක් තෝරගන්න ඕනෙ – ඒක host කරන්න තැනකුත් හොයා ගන්න. Domain name එකක් කියන්නෙ පරිශීලකයින් ඔයාගේ website එකට එන්න address bar එකේ ටයිප් කරන නමයි. ඒක ඔයාගෙ මුළු වෙළඳ නාමය සඳහාම නවාතැනක් .
හොඳම domain නම් විහිලු හෝ දීප්තිමත් ඒවා නෙවේ; ඒවා මිනිසුන්ට ලේසියෙන් මතක තබා ගන්න පුළුවන් domain. හොඳ domain නාම ඔයාගේ blog එක ගැන Google ට දැන ගැන්න උදව් කරනව.
Bluehost පාවිච්චි කරලා, ඔයාට ඔයාගේ domain name එක මිලදී ගන්න පුළුවන් වගේම (ඇත්තටම ඒක ඔයාගේ කරගන්න පුළුවන්) සහ ඒගොල්ලොන්ගේ web hosting සේවාවන් පාවිච්චි කරන්න පුළුවන්.
Web hosting සමාගමක් තෝරගන්න

ඔයාගේ domain name එක තෝරගත්තට පස්සේ ,ඔයාට ඒක host කරන්න විදිහක් ඕනෙ. ඒකට විකල්ප ගොඩක් ඔයාට තිබ්බත්, wordpress ගැන විශේෂ දැනුමක් තියෙන hosting provider කෙනෙක් තෝරා ගන්න ඕනෙ වෙනවා – ඒක ලෝකයේ ගොඩක්ම ජනප්‍රිය blogging වේදිකාවයි.
කැපවෙච්ච පරිශීලකයින් ගොඩක් ඉන්න word press කියන්නෙ open source software එකක්, එකෙන් අදහස් කරන්නේ එකේ විශ්වාසවන්ත අනුගාමිකයන් වේදිකාවට ඇතුළත් කරන සියලු වෙහෙස මහන්සියෙන් ඔයා ප්‍රතිලාභ ලබනව කියන එකයි.
ඔබට නොමිලේ තෝරගන්න පුළුවන් plugin හා තේමා මෝස්තර දහස් ගාණක් තියෙනවා, template හා ඔයාගේ blog එක , ඔයාගේ වෙළඳ නාමය හෝ අන්තර්ගතය එක්ක ක්‍රියාත්මක වෙනවා කියල සහතික කරන්න ඕනෙ මෙවලම් සපයනව.
මොනවාඋනත්,wordpress කියන්නෙ ගෘහස්ථ bloggers ලට විතරක් නෙමේ. ඒක ලෝකයේ ලොකුම සමාගම් කිහිපයකට ප්‍රමාණවත් වෙන්න තරම් බලවත්. – එහින්ද, ඔයාගේ blog එක smooth විදිහට පවත්වා ගෙන යන්න ප්‍රමාණවත් තරම් ව්‍යාකූලත්වයක් තියෙනව.
Bluehost ල, පළවෙනි පාරටම blogging කරන අයට සම්මත සැලැස්මක් හදලා තියෙනව,වගේම තමන්ගේ blog එක වටා ව්‍යාපාරයක් නිර්මාණය කරන්න සැලසුම් කරන අයට සම්පූර්ණයෙන් කළමනාකරණය කරපු සත්කාරක සැලැස්මක් දක්වා wordpress සත්කාරක package ගණනාවක් ඉදිරිපත් කරනව.