Tuesday, May 30, 2023
No menu items!
HomeEXPENDනුවනින් මුදල් වියදම් කරන්න හොඳම ක්‍රම Part 1

නුවනින් මුදල් වියදම් කරන්න හොඳම ක්‍රම Part 1

ඔයාගෙ සල්ලි වියදම් කරන්න හොඳම ක්‍රම

ඔයාගෙ සල්ලි වියදම් කරන එක ඔයාගෙ වැඩක්. කොහොම වුණත් ,ඔයා හිතලා බලන්න, ඔයාගෙ වියදම් කිරීමේ පුරුදු ගොඩක් වෙලාවට ඔයාගෙ සතුටේ limit එකට බලපානවා.

ඔයා මුලින්ම හිතන දේ ඔයාව සතුටු කරන්න පුළුවන්. Car එකක්, ලොකු ගෙයක්, ලොකු screen TV එකක් වගේ උනත් ඔයාගෙ අතේ තියෙන රුපියල් ප්‍රමාණය එක්ක මේ දේවල් ඒ තරම් සතුටක් ගේන්නේ නැති වෙන්න පුළුවන්. මේ දේ ඔලුවේ තියාගෙන ඔයාගෙ සල්ලි වියදම් කරගෙන ඔයාව ගොඩක්ම සතුටු වගේම Satisfying life එකක් ගෙවන්න පුළුවන්  ක්‍රම 10ක් අපි හිතන විදිහට කියන්නම්.

විනෝදාංශ වෙනුවෙන් වියදම් කරන්න.

Edited in Prisma app with Cabriolet

අපි හිතන්නේ ගොඩක් අය තේරුමක් නැති දේවල් වෙනුවෙන් වැඩි කාලයක් ලබා දෙනවා. ඇත්තටම , අපිට TV එක ඉස්සරහ විවේක ගැනීමට අවශ්‍ය වේලාවන් තියෙනව. ඒත් අපිට සතුටක් ලැබෙන්නේ අපි active එකේ ඉන්න කොටයි. ඔයා ට මොනා හරි අදහසක් ගන්න ඕනේ නම්, sport equipment හරි music equipment එකක් හරි ගන්න එක ගැන හිතලා බලන්න.

යාළුවෝ හා පවුල වෙනුවෙන් වියදම් කරන්න

Edited in Prisma app with Cabriolet

සතුට යි satisfaction එකයි අතර ලොකු බැඳීමක් තියෙනවා. ඒකට මූණ දෙන්න වෙනවා. සමහර වෙලාවට අපේ යාළුවෝ වගේම ගෙදර අය එක්ක ඉන්න වෙලාවට වියදම් වැඩි වෙන්න පුළුවන්. ඔයාගෙ ගෙදර අය ඔයාට දුරින් ඉන්නවා නම් ඔයාට ඒ වෙනුවෙන් ගොඩක් වියදම් කරන්න වෙනවා. (උදාහරණයකට කොලඹ ඉන්න නුවර කෙනෙක් වගේ.) නැත්තන් ඔයාට wedding invitation එකක් ආවොත් ඇදුම්, තෑගි ගත්තම පොඩි ප්‍රමාණයක් තමයි ගන්න පුළුවන්. මම කියන්නේ ඒක වටිනවද කියන එක බලද්දි මෙම කොටසේ පලවෙනි පේලිය මතක තියා ගන්න.

ඉගෙන ගන්න වගේම රැකියාවේ පුහුණු වීම් වලට වියදම් කරන්න

Edited in Prisma app with Cabriolet

සමහරවිට ඔයාට invest කරන්න පුළුවන් ලොකුම වත්කම ඔයා ම වෙන්න පුළුවන්. ඉගෙනීම වගේම job එකේ training එක ගොඩක් වෙලාවට ඔයාට ඕන job එක ලබා ගන්න වගේම ඔයාගෙ job එකේ promotions වලටත් වැදගත් වෙන්න පුළුවන්. මේක දකින්න ලැබෙන දෙයක්. ඒත් එයාලගෙ job එකෙන් ගොඩක් satisfy වෙන අය වඩාත් සතුටින් ඉන්නවා.

Sports equipments මිලට ගන්න

Edited in Prisma app with Cabriolet

සතුට හා ව්‍යායාම ගොඩක් වෙලාවට එකට බැඳිලා තියෙන්නේ. මුලින්ම exercise වලින් මොලයේ endorphin කියන රසායනික ද්‍රව්‍යයක් නිකුත් කරනවා. ඒකෙන් ඔයාට හොඳ හැගීමක් ඇති කරනවා කියලා විද්‍යාත්මක ව ඔප්පු කරලා තියෙනවා. එතනින් පස්සේ ඔයා physically fit උනාම ඔයා ට ලොකු සතුටක් දැනෙනවා.

නිවාඩුවක් ගත කරන්න

Edited in Prisma app with Cabriolet

ඕනම කෙනෙක්ට එයාලගෙ සුව පහසු ව වෙනුවෙන් අවුරුද්දකට එක හොඳ නිවාඩුවක් ඕනම වෙනවා කියන එක මන් විස්වාස කරනව. කොහොම වුණත් එක warning එකක් කරන්න වෙනවා. Holidays කියන්නේ ගොඩක් වියදම් වැඩි, ඉක්මනින් ගෙවෙන දවස්. (ඒත් ඔයා ඒක දැනටත් දන්න දෙයක්) ඔයාගෙ financial goals අවුල් කරන්න නිවාඩුවට ඉඩ දෙන්න එපා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments