Tuesday, May 30, 2023
No menu items!
HomeRELATIONSHIPහොද සම්බන්ධතාවයක් තියාගන්නෙ කොහොමද දන්නවද ? Part 1

හොද සම්බන්ධතාවයක් තියාගන්නෙ කොහොමද දන්නවද ? Part 1

ඔයාගෙ සහකරු හෝ සහකාරිය අතර ඇති ආදරණීය බව වැඩි කරගන්න ඕනිද? පහල තියෙන උපදෙස් වලින් ඔයාගෙ දැන් තියෙන සම්බන්ධතාවය තව දුරටත් සතුටුදායක හා වඩාත් තෘප්තිමත් කරන්න උදව් වෙනවා.

යහපත් සම්බන්ධතාවක් ඇති කරගන්නා ආකාරය

Edited in Prisma app with Guitar player

හැම ආදර සම්බන්ධතාවයක්ම බාධක කම්කටොලු , උස් පහත් සිදුවීම් ගොඩක් මැදින් යන සුන්දර ගමනක්. ඔයා අලුතින් ආදර සම්බන්ධතාවයක් පටන් ගත්තු කෙනෙක් හෝ දැනටමත් ටික කාලයක් සිට ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන යන කෙනෙකු නම් යහපත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන එක ඉතාමත්ම වැදගත් වෙනව. ඔයා දැනටමත් ආදර සම්බන්ධතාවයක් නිසා හෙම්බත් වෙලා නම් යහපත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන එකෙන් ඔයාට පුළුවන් වෙනව නැවතත් තෘප්තිමත් හා
යහපත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න.

යහපත් සම්බන්ධතාවයක් පවත්වන ආකාරය

Edited in Prisma app with Guitar player

හැම සම්බන්ධතාවයක්ම අනන්‍යයි වගේම හදවත් දෙකක් එකිනෙකට යා වෙන්නෙ හරි පුදුමාකාර විදිහට. හොද සම්බන්ධතාවයක තියෙන ලක්ෂණයක් තමයි ඔයාගෙ සහකරු/සහකාරිය ඔයාගෙ ඉලක්ක වෙතට යන්න උදව් කරන එක සහ ඔයාගෙ ඉලක්ක සපුරා ගන්න ඔයාව දිරිමත් කරන එක.

කොහොම උනත් යහපත් සම්බන්ධතාවයක තියෙන්න ඕනි ලක්ෂණ කිහිපයක් තියෙනව. ඉතින් මේ ලක්ෂණ ඔයාගෙ සම්බන්ධතාවය තුලත් තියෙනව නම් ඔයාගෙ සම්බන්ධතාවය යහපත් වෙනව වගේම ඔයාගෙ සහකරු/සහකාරිය සමග ඔයාගෙ අරමුණු ඉටු කරගන්නත් ලේසි වෙනව.

හොද ආදර සම්බන්ධතාවයකදී එකිනෙකාට සංවේගී වීම වැදගත් වෙනවා. ඒකෙන් පුළුවන් වෙනව ඔයාගෙ ආදරණීයන්ට ලබාදෙන ආදරය සහ රැකවරණය වැඩි කරගන්න. ආදරය ලැබීම සහ ආදරය දැනීම කියන්නෙ වෙනස්ම මාතෘකා දෙකක්. ඔයාට ආදරය දැනුනම ඔයාගෙ සහකුරු/සහකාරිය ඔයාව එයාගේ ජීවිතයට පිලිගත්ත වගේ හැගීමක් එනව. සමහර සම්බන්ධතා තියෙනව ඒව සාමකාමී , සහජීවනයෙන් වගේ ඉන්නව පෙනුනට දෙදෙනා අතර සංවේදී බවේ අඩුවක් තියෙනව. මතුපිටින් ස්ථාවර සම්බන්ධතාවයක් තිබුන වගේ පෙනුනත් මේ හේතුව දෙදෙනා අතර දුරස්ථවීමට බලපානව.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments