එකට විනෝද වීමට අවධානය යොමු කරන්න

සම්බන්ධතාවයක මුල් කාලයෙදි couple ගොඩක් වෙලාවට වැඩිපුර විනෝදජනක හා සෙල්ලක්කාර වෙනවා. කොහොම උනත්, මේ සෙල්ලක්කාර ආකල්පය සමහර වෙලාවට ජීවිතේ අභියෝගවලට බාධා කරනවා වගෙම පරන අමනාපකම් ගොඩ නැගෙන්න පටන් ගන්න කොට එවා අමතක වෙන්න පුළුවන්. විහිලු ගැන හැඟීමක් තියෙන කොට ඔයාට දුෂ්කර කාලවලින් මිදෙන්න, ආතතිය අඩු කර ගන්න වගෙම ප්‍රශ්න එක්ක ලෙසියෙන් වැඩ කරන්න උදව් වෙනවා. මල් ගෙදර ගේන එක හරි හිතන්නේ නැති විදියට එයාගේ කැමතිම අවන්හලේ මේසයක් වෙන්කරලා ඔයාගේ සහකරු පුදුම කරන වගෙ සෙල්ලක්කාර ක්‍රම ගැන හිතන්න. හුරතල් සතුන් හරි කුඩා ලමයි එක්ක සෙල්ලම් කරන එක ඔයාගේ සෙල්ලක්කාර පැත්ත එක්ක නැවත සම්බන්ධ වෙන්න උදව් වෙනවා.
අන් අයට ප්‍රයෝජනවත් වන දේවල් එකට කරන්න

සමීපව වගෙම සම්බන්ධව ඉන්න එක වඩාත් ප්‍රබලම ක්‍රමයක් නම්, ඔයා හරි ඔයාගේ සහකරු අගය කරන දෙකට සම්බන්ධ වෙලා පිටතට අවධානය දෙන්න. ඔයා දෙදෙනාටම වටින හේතුවක්, ව්‍යාපෘතියක් හරි ප්‍රජා කාර්යක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා සම්බන්ධතාවයක් නැවුම් සහ සිත්ගන්නාසුළු විදියට තියා ගන්න පුළුවන්. ඒකෙන් ඔය දෙදෙනාම නව පුද්ගලයින්ට වගෙම අදහස්වලට යටත් වෙන්න වගෙ, අලුත් අභියෝගවලට එකට කටයුතු කරන්න අවස්ථාව ලබා දෙන්න, එකිනෙකා එක්ක අන්තර් ක්‍රියා කරන්න අලුත් මාර්ග ලබා දෙන්න පුළුවන්.
ආතතිය, anxiety , මානසික පීඩනයෙන් මිදෙන්න උදව් කරන එක මෙන්ම, අනික් අයට ප්‍රයෝජනවත් වෙන දේවල් කරන එකෙන් ලොකු සතුටක් ලබා දෙනවා. මිනිස්සු අනික් අයට උදව් කරන්න ලොකු වෙහෙසක් දරනවා. ඔයා වැඩි වැඩියෙන් උදව් කරන විදියට, ඔයාට සතුටක් දැනෙයි පුද්ගලයෙක් විදියට වගෙම couple එක්ක විදියට.