Tuesday, May 30, 2023
No menu items!
HomeSKILLSප්‍රවීණයකු විදියට පෙනී ඉන්නෙ කොහොමද ඇත්තටම ? part 1

ප්‍රවීණයකු විදියට පෙනී ඉන්නෙ කොහොමද ඇත්තටම ? part 1

ඔයා දන්නවද expert කෙනෙක් විදිහට ස්ථානගත වෙන එකේ වැදගත්කම මොකක්ද කියලා?මොකද ඔයා වැඩ කරන රැකියාවේ expert විදිහට ස්ථාපිත වෙන එකෙන් ඔයා එක්ක වැඩ කරන අය හිතනවා ඔයා තමයි ඉන්න හොදම කෙනා කියල.

ඔයාව විශේෂඥයෙක් විදිහට සලකනවනම්,ඔයාව හොදම කෙනා ලෙස සලකනවා.

Edited in Prisma app with Hunter

ගොඩක් අයට ඕනෙ හොදම අය එක්ක වැඩකරන්න,හොදම අයගෙන් ඉගෙනගන්න,හොදම අය එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න.මේකෙන් කියන්නෙ ඔයා තේරුම් ගත්තොත් කොහොමද ඔයා expert (විශේෂඥයෙක්)ලෙස ස්ථාපිත වෙන්නෙ කියලා,ඔයාට ගොඩක් ඉල්ලුමක් ඇතිවෙනවා,ඔයාට ගොඩක් අවස්ථා ඇති වෙනවා.

ඒවගේම ගොඩක් අය ක්ෂේත්‍රයේ හොදම අය ,expert ල එක්ක වැඩකරන්න ලොකු මුදලක් ගෙවන්න කැමතියි.ගොඩක් business executives ලට expert කෙනෙක් එක්ක වැඩ කරන එක වියදම් කරපු හැම මුදලක්ම වටිනවා.

ඇත්තටම,ව්‍යාපාරයක් තමන්ගේ ආදායම වැඩි කරන මොහොතේ ඉඳන් ඔවුන් බඳවගන්න කැමති expert ලව.

Edited in Prisma app with Hunter

ඔයා expert කෙනෙක් විදිහට පෙනී හිටින්නෙ කොහොමද කියලා ඉගෙන ගන්න එකට තව කාරණයක් තමයි,ඔයා expert කෙනෙක් විදිහට ස්ථානගත උනාට පස්සේ ඔයාව ගොඩක් විශ්වාසී වෙනවා.මේකෙන් අදහස් කරන්නේ ඔයාගෙ සේවාදායකයෝ, ඔයා එක්ක වැඩ කරන අනිත් අය ඔයාට ලොකු ව්‍යාපෘති,ලොකු මහජන කතාකිරීමේ අවස්ථා,ජනප්‍රිය මාධ්‍ය ස්ථාන, විශේෂ contracts හා තව ගොඩක් දේවල් එක්ක ඔයාව විශ්වාස කරනවා කියන එක.

සාර්ථක පුදගලයින් ගොඩක් වෙලාවට ක්ෂේත්‍රයක expert කෙනෙක් විදියට හෝ බලය දරන තැනැත්තෙක් ලෙස පෙනී ඉන්නවා.එගොලොන්ගේ ක්ෂේත්‍රයේ අවුලක් තියෙනවනම් යායුතු කෙනා ඔවුන් විදිහට ප්‍රසිද්ධ වෙනවා.

ඔයා ක්ෂේත්‍රයක ප්‍රසිද්ධ උනොත් ඔයාට ඒ ක්ෂේත්‍රයක වැදගත් බවක් දැනෙනවා.expert කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක ඉගෙන ගත්තට පස්සේ,ඔයාව යම් දේකට ප්‍රසිද්ධ වෙනවා.ඒකෙන් ඔයාට පුදුමාකාර අවස්ථා හම්බෙනවා.

මේ article එකේදි මම ඔයාට කියල දෙන්නේ expert කෙනෙක් විදිහට ස්ථානගත වෙන්නේ කොහොමද කියන එකයි.ඔයාට පුලුවන්නම් expert කෙනෙක් විදිහට ස්ථානගත වෙන්න,ගොඩක් අවස්ථා ඔයාගෙ ලඟටම එනවා.ඔයා දැන් උපයනවට වඩා ඉහළ ආදායමක් ඔයාට උපයන්නත් පුළුවන්.

වෙන වචන වලින් කිව්වොත් expert කෙනෙක් ලෙස සැලකීම ව්‍යාපාරයකට ගොඩක් හොඳ දෙයක්.

ඔයා expert කෙනෙක් විදිහට ස්ථානගත වෙන්න ඔයාට කරන්න පුළුවන් ක්‍රම ටිකක් බලමු.

Edited in Prisma app with Hunter

විශේෂ වැදගත් ක්ෂේත්‍රයකට අවධානය දෙන්න…….

ඔයා තීරණය කළාට පස්සේ ඔයාගෙ සම්පූර්ණ අවධානය ඒ ක්ෂේත්‍රයට යොමු කරන්න.එතකොට ඔයාට ඉක්මනට ඒ expert තත්වෙට ලං වෙන්න පුළුවන් .

ඔයා මොකක්හරි වැදගත් විශේෂ දෙයක් ගැන විශේෂ දැනුමක් නැත්නම් ඔයාව expert කෙනෙක් ලෙස සලකන්න අමාරුයි.උදාහරණ විදිහට ඔයා wedding photographer කෙනෙක් ගත්තොත් සාමාන්‍ය photographer කෙනෙක්ට වඩා සේවාදායකයින් ඔයාට ලැබෙනවා.

Expert කෙනෙක් ඔහුගේ හෝ ඇයගේ විශේෂ කුසලතා වර්ධනය ,භාවිතයට මුල්තැන දීලා තියෙනවා.expert කෙනෙක්ගේ සම්පූර්ණ අවධානය තියෙන්නේ තමන්ගේ ක්ෂේත්‍රයේ වෙන්න ඕනේ හොදම කෙනා වෙන එක ගැනයි.

මේක ක්‍රියාත්මක වෙන්න හේතුව ඔයාගෙ අවධානය විවිධ සේවා, ක්ෂේත්‍ර හෝ කර්මාන්ත අතර බෙදිලා නැති බව ඔයාගෙ සේවාදායකයින් දැනගත්තාම ඔයා එගොල්ලොන්ගේ විශ්වාසය දිනා ගන්නවා.ඔයා එක ක්ෂේත්‍රයකට කැපවෙලා තියෙන බව පැහැදිලි උනාම, ඔයාට වැඩි ගණුදෙනුකරුවන් ප්‍රමානයකුයි වැඩි අවස්ථාවන් ප්‍රමාණයකුයි ආකර්ශනය කරගන්න පුළුවන්.

ඔයාට කවදා හරි තේරිලා තියෙනවද ඔයා specialist ල ගාවට ඇදිල ගිහින් තියෙනව? මොකද ඔයාට ඒ අයව පේන්නේ expert ල හැටියට හින්දා.ඔයා හිතාගන්න ඔයා online freelance graphic designer කෙනෙක් හොයනවා ඔයාගෙ ව්‍යාපාරයේ ලාංඡනය (logo )හදාගන්න,ඔයාගෙ අවධානය වැඩිපුරම ඇදගන්නේ මොකක්ද?සාමාන්‍ය ඕන දෙයක් design කරන graphic designer කෙනෙක්ද නැත්නම් ව්‍යාපාර වල ලාංඡන ( logo) ගැන ඉන්න expert graphic designer කෙනෙක්වද?

එක ක්ෂේත්‍රයකට expert කියලා කියන්නෙ අන්න ඒක නිසා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments