සාර්ථක තරුණ ව්‍යවසායකයෙක් වෙන එක අභියෝගයක් වෙන්න පුළුවන්. ඔයාගෙ අරමුණු තීරණය කරන එකෙන් හා ආරම්භක ප්‍රාග්ධනය ලබාගෙන සුරක්ෂිත කරගන්න එකෙන් ඔයාට සාර්ථකත්වයට පැහැදිලි පාරක් හදාගන්න පුළුවන්. මහන්සි වෙලා වැඩ කරන එකෙන්, හොඳ කාර්ය මණ්ඩලයක් ඔයා එක්ක ඉන්න එකෙන් සහ ඔයාගේ නිෂ්පාදනය හරි සේවාව හරි ගැන වචනය එළියට ගන්න එකෙන් (ප්‍රසිද්ධ කරන එකෙන්) ඔයාගෙ ව්‍යාපාරය වර්ධනය කරන්න. ඔයාගේ ව්‍යාපාරය වර්ධනය උනාම , ඔයාගේ ආදායම වෙන ව්‍යාපාරවල හරි ඔයාගේම ව්‍යාපාරයේ හරි ආයෙ ආයෝජනය කරන්න.
ඔයාගේ ව්‍යවසායකත්ව spirit එක හොයාගන්න එක
Personal inventory ගන්න

ව්‍යවසායකයෙක් වෙන්න ඉස්සෙල්ලා, සාර්ථකත්වය ලබාගන්න ඕනෙ දේවල් ඔයාට තියෙනවද කියන එක තීරණය කරන්න ඔයාට වෙනවා. ඔයාගෙ ශක්තීන් හා දුර්වලතා ගැන හොදට අවංකව බලන්න. විශේෂයෙන්ම, හැකියාවන් (දැනුම සහ අත්දැකීම්), යෝග්‍යතාව (කුසලතා සහ රුචි අරුචිකම්) සහ පෞරුෂත්වය (නොනැසී පැවතීම, ඔරොත්තු දීමේ හැකියාව) යන අංශ දිහා බලන්න. ඔයා තෝරගත්ත කර්මාන්තයේ සාර්ථක වෙන්න ඕනේ දැනුම හා පළපුරුද්ද ඔයාට තියෙනවද? සාර්ථකත්වයට යන පාරේ අසාර්ථකත්වය හා දුෂ්කරතා එක්ක කටයුතු කරන්න පුලුවන්ද? අන්තිමට, ව්‍යාපාරයක් පටන්ගන්න ඕනෙ මූල්‍යමය තත්ත්වය ඔයාට තියෙනවද නැද්ද යන්න කියන එක තක්සේරු කරගන්න.
ගැටළු විසඳන්නෙක් වෙන්න

ගොඩක් මිනිස්සු තමන්ට කරන්න පුළුවන් දේ ගැන හිතනවා, නැත්නම් ඒ අයට නැති ප්‍රයෝජනවත් නිෂ්පාදන හෝ සේවාවන් ගැන හිතනවා. ඒත් කීපදෙනෙක් ඇත්තටම ඒ අදහස් වලට ක්‍රියා කරනව. සාර්ථක තරුණ ව්‍යවසායකයෙක් වෙන්න, ගැටළු විසඳන්නෙක්ගේ ඇස් දෙකෙන් ඔයා අවට ලෝකය දිහා බලන එකෙන් ඔයා inspire වෙන්න බලාගෙන ඉන්න ඕනේ. ක්‍රියාවලිය පටන්ගන්න, පහත තියෙන guiding ප්‍රශ්න දිහා බලන්න.
ඔබ කැමති මොන විදිහේ අන්තර්ගතයක් online තියෙනවටද?
ඔයා ක්‍රීඩා කරන්න කැමති මොන විදිහේ ක්‍රීඩාද?
හිඟන්නන්නට කන්න උදව් වෙන නිෂ්පාදනයක් හරි සේවාවක් හරි ඔයාට තියෙනවද?
ව්‍යවසායකත්වයට ඔයා මොන පාරේ ගියත්, ඒක පටන්ගන්නේ ගැටළු හඳුනා ගන්න එක සහ විසඳුම් සිහින දකින එකෙන්. ඔයගේ අදහස් කොච්චර පිස්සු කියල පෙනුනත් ඒවා ලියාගන්න.
නිර්මාණශීලී වෙන්න ඔයාට කාලය දෙන්න

ඔයා රැකියාවට යන්න ඉස්සෙල්ලා, inspire වෙන්න කාලය දෙන්න ඕනෙ. ඔයා නිකන් ඉන්න වෙලාවක ඔයාගේ නිර්මාණාත්මක කුසලතා දියුණු කරගන්න ඔයාගෙ කාලසටහන හදාගන්න. වනාන්තරයේ ඇවිදින්න, නිශ්ශබ්ද තැනක පොතක් කියවන්න, හෝ ගමනාන්තයක් නැතුව පාරේ කොහේ හරි යන්න. ව්‍යවසායකයෙක් විදිහට ඔයාට ගොඩක් හොඳින් දියුණු වෙන්න පුළුවන් විදිහ ගැන හිතන්න,බලන්න පොඩි නිශ්ශබ්ද කාලයක් ලබා ගන්න.
ක්‍රියාශීලී වෙන්න. පැයකට වඩා එක තැනක වාඩි වෙලා ඉන්න එපා. හැමදාම ව්‍යායාම කරන්න – දවසකට අඩුම ගානේ මිනිත්තු 30 ක් – ශාරීරික හා මානසික සෞඛ්‍යයට මේක ගොඩක් වැදගත් වෙනවා. ඇවිදින එක පවා ඔයගේ සිතීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කරන්න පුළුවන් වගේම ඔයාට ලොකු නිර්මාණශීලී බවක් ඇති කරනව.
අනිත් අයගෙන් ඉගෙන ගන්න

අනිත් තරුණ ව්‍යවසායකයින් සාර්ථක වෙලා තියෙන විදිහ හොයල බලන්න. ඔයාගෙ අදහස්, ක්‍රම හෝ ශිල්පීය ක්‍රම ඔයාගෙ ව්‍යවසායක ක්‍රියාකාරකම් වලට ඇතුළත් කරන්නෙ කොහොමද කියලා හිතලා බලන්න. ඒ අයගේ පොත් සහ ලිපි කියවන්න. පුලුවන්නම්, වෙන තරුණ, සාර්ථක ව්‍යවසායකයින් එක්ක ඉන්න, ඒක ඔයාට වර්ධනය වෙන්න, ඉගෙනගන්න සහ සාර්ථක වෙන්න ඕන දේ බලාගන්න උදව් වෙනවා.
අනිත් තරුණ ව්‍යවසායකයින්ගෙන් ඉගෙන ගන්න එකට අමතරව, සේවකයින්ගෙන් සහ සහායකයින්ගෙන් feedback ගන්න.
ඔයාගේ ව්‍යාපාරය ගොඩක් හොඳින් වර්ධනය කර ගන්නේ කොහොමද යන්න කියන එක ගැන බුද්ධිමත් මිතුරන්, සහ සාර්ථක ව්‍යාපාරිකයින්ගෙන් උපදෙස් ගන්න.
ඔයා ව්‍යවසායකයෝ දන්නේ නැත් නම් ව්‍යවසායකයෝ හම්බවෙන්න වගබලා ගන්න.
උද්‍යෝගයෙන් ජීවත් වන්න

සාර්ථකත්වය ලැබෙන්නේ ඔයා විශ්වාස කරන ඔයාගෙ නිෂ්පාදනය ගැන උනන්දු වෙන එකෙන් විතරයි. ඔයාගෙ ශක්තිය අනාගත ආයෝජකයින්ට සහ හවුල්කරුවන්ට ආස්වාදයක් ලබා දෙනව වගේම ඔයාගෙ ව්‍යාපාරය වර්ධනය කරන්නත් උදව් වෙනවා.
ඔයාගෙ ආසාවන් ව්‍යවසායක ක්‍රියාකාරකම් වලට පොළඹවන්න පුළුවන්. ඔයාට තදින්ම දැනෙන cause එකක් හොයාගෙන ඒකට සටන් කරන්නේ කොහොමද කියලා හොයලා බලන්න. උදාහරණයක් විදිහට, ඔයා තල්මසුන් බේර ගන්න කැමති නම්, ඔයාට තල්මසුන්ගේ ජනගහනය හොයා ගන්න හරි ලෝකේ පුරා තල්මසුන් දඩයම් කරන එක ගැන ලෝකේ මිනිසුන්ට දැනගන්න පුළුවන් app හදන්න පුළුවන්.
අවදානම් ගන්න

වඩාත්ම සාර්ථක ව්‍යවසායකයින් ආරක්ෂිතව ඒ අය දැන් ඉන්න තැනට ඇවිල්ලා නෑ. ව්‍යවසායකයෙකු විදිහට, ඔයාගේ ව්‍යාපාරය ඉස්සරහට ගෙනියන්න ගණනය කරපු අවදානම් ගන්න ඕනෙ.