පටන්ගන්න එක …
ඔයාගෙ ඉලක්ක හදාගන්න …..

ඔයාට කරන්න ඕනෙ දේ තීරණය කරන්න, ඊටපස්සේ ඒක කරන්න. ඔයාගෙ අරමුණු උතුම් හරි ලෞකික හරි වෙන්න පුළුවන්. ඉන්න තැනක් නැති දරුවන්ට හොඳ ජීවිතයක් ගත කරන්න ඔයාට උදව් කරන්න අවශ්‍යතාවයක් තියෙනවද? ඔයාට මිනිස්සුන්ට වැඩි ආහාර හෝ විලාසිතා විකල්ප දෙන්න ඕනෙද? ඔයාගෙ ඉලක්කය මොනවා උනත් ඒක හොයාගන්න.
කෙටිකාලීන අරමුණු වලට“පසුගිය සතියේ විකුණුම් වැඩි කිරීම” හරි “මෙම කාර්තුවේ එක අලුත් ආයෝජකයෙක් ලබා ගැනීම” වගේ ඒව ඇතුළත් වෙන්න පුළුවන්. හැම සතියකම සහ මාසයක අඩුම ගානේ කෙටිකාලීන ඉලක්ක තුනක් වත් සපුරා ගන්න උත්සාහ කරන්න.
කෙටිකාලීන අරමුණු උප අරමුණු විදිහට තව හොදට ප්‍රකාශ වෙනවා, උප අරමුණු සාර්ථක කරගන්න එකෙන් දිගුකාලීන ජයග්‍රහණය හා ඉලක්කයක වලට ලං වෙන්න ඕනේ. දිගු කාලීන සාර්ථකත්වය සමන්විත වන්නේ කෙටි කාලීන හා මධ්‍ය කාලීන අරමුණු සපුරාගන්න එකෙන්.
දිගුකාලීන අරමුණු ඔයාගෙ සමාගම හෝ සංවිධානයට mission එකක් හෝ දැක්මක ස්වරූපය ගන්නව. උදාහරණයක් විදිහට, දිගු කාලීන ඉලක්කයක් විය හැක්කේ “Detroit වල කන්නාඩි ඕනෙ වෙන ඕනම කෙනෙක්ට ඒක ගන්න පුළුවන්” කියන එක වගේ ඒවා වෙන්න පුළුවන් .
ඔයාගෙ අරමුණුවල realistic, පැහැදිලි සහ ක්‍රියාකාරී බව සහතික කරන්න.
ඉලක්ක කරන්න, පරීක්ෂා කරන්න, අවස්ථාවක් ගන්න ……

සංකල්පයක් සනාථ කරාට පස්සේ, ලොකුවට කරන්න ඉස්සෙල්ලා සරල ව්‍යාපාර ආකෘතියක් එක්ක පටන්ගන්න. උදාහරණයක් විදිහට, ඔයා ඔයාගේම පළතුරු යුෂ හෝ soda හදන බීම ව්‍යාපාරයක් තියෙනව නම්, ඒවා ගෙදරම හදලා ඒවා beach එකේ හෝ ඉස්කෝලෙ උත්සවවලදී විකුණන්න පටන් ගන්න. ඔයා නියමයි කියල හිතන pet snack තියෙනව නම්, ඒවා ඔයාගෙ යාළුවන්ට සහ පවුලේ අයට තෑගි වශයෙන් දෙන්න පටන් ගන්න. ඔයාගෙ නිෂ්පාදනය හෝ සේවාව ගැන feedback ලබා ගන්න මේ මුල් අවධිය පාවිච්චි කරන්න, ඔයාගෙ ව්‍යාපාරය perfect කරගන්න මේ feedback ඔයාගෙ සැලසුම් සහ සැලසුම් ක්‍රියාවලියට ඇතුළත් කරන්න.
ව්‍යාපාර සැලැස්මක් සාදන්න …..

ඔයාගෙ ව්‍යාපාර සැලැස්ම ඔයා ඉන්න ස්ථානය සහ ඔයා ඉන්න ඕනෙ කොතැනද යන්න කියන එක තියෙන උපායමාර්ගික ලේඛනයක් වෙන්න ඕනේ. ඒක ඔයාගෙ ව්‍යාපාරයේ ඉතිහාසය, ආයතනික රාමුව සහ අරමුණු විස්තර කරන්න ඕනෙ. ව්‍යාපාර සැලැස්මක් හදද්දී ආරම්භක ස්ථානයක් විදිහට ඔයාගෙ මෙහෙවර සහ දැක්ම ප්‍රකාශ භාවිතා කරන්න. ඉවර කරපු සැලැස්ම ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක තීරණය කරන්න මාර්ගෝපදේශයක් විදිහට පාවිච්චි කරන්න ඕනෙ වගේම අරමුදල් හොයද්දි අනාගත ආයෝජකයින්ට දෙන්න ඕනෙ.
ඔයාගේ mission statement එකෙන් ඔයාගෙ ව්‍යාපාරය හෝ සංවිධානය හැමදාම කරන දේ විස්තර කරනව. නිදසුනක් විදිහට, leamonade ව්‍යාපාරයකට “අපි නියම leamonade හදනවා” කියන එක කියන්න පුළුවන්.
Mission statement එකකින් ඔයාට දැන් සහ අනාගතයේදි කරන්න ඕනෙ ලොකු පින්තූරේ විස්තර කරනව. නිදසුනක් විදිහට, ලාභ නොලබන mission statement එකක් කියන්න පුළුවන්, “අපිට Detroit වලව සාක්ෂරතාවය 100% වෙනකං වැඩි කරන්න ඕනෙ.” ඔයාගෙ දැක්ම සපුරාගන්න සැලැස්මක් හදාගන්න.
ඔයාගෙ භාණ්ඩය හෝ සේවාවට ප්‍රේක්ෂකයින් හඳුනා ගන්න. ඒවා මිලදී ගන්නේ කවුද? ඔයාට ඒවා මිලදී ගන්න ඕනෙ කවුද? අලුත් වෙළඳපොලට ඔයාගෙ භාණ්ඩ ආකර්ශනීය කර ගන්න ඔයාගෙ ව්‍යාපාරය පුළුල් කරන්නේ කොහොමද? මේ ගැටළු විශ්ලේෂණය කරල ඔයාගෙ ව්‍යාපාර සැලැස්මට ඔයාගෙ නිගමන සකස් කරන්න.
ඔයාගෙ තරඟය ගැන හිතන්න. වෙළඳපොලේ ඔයාගෙ කොටස වැඩිවෙයිද? අඩු වෙයිද? ඒක වැඩි කරන්න ඔයාට පුළුවන් කොහොමද? වෙළඳපල වෙනස් වන ආකාරය තීරණය කරන්න සමාන ව්‍යාපාරවල අතීත දත්ත පාවිච්චි කරන්න.
ඔයාගෙ ව්‍යාපාර සැලැස්මට අලෙවිකරණය ගැන කොටසක් ඇතුළත් වෙන්න ඕනේ. ඔයාගෙ භාණ්ඩය හරි සේවාව හරි ප්‍රචාරය කරන්නේ කොහොමද? ඔයාගෙ දැන්වීම් ඉලක්ක කරන්නේ කාටද?
ඔයාගෙ ව්‍යාපාරයේ නීතිමය රාමුව තීරණය කරන්න …..

ව්‍යවසායකයෙක් විදිහට, ඔයා තනි හිමිකාරීත්වයක් හෝ සීමිත වගකීම් සහිත සමාගමක් වෙන්න පුළුවන්. මෙම විධිමත් structure එකෙන් ඔයාගේ නෛතික හා බදු බැඳීම් තීරණය කරනව වගේම ඒක රජය එක්ක ලියාපදිංචි කරන්න ඕනෙ.
තනි හිමිකාරත්වයක් කියන්නෙ ව්‍යවසායකයෙකු විදිහට ඔයා ආරම්භ කරන ව්‍යාපාර වර්ගය වෙන්න පුළුවන්. මෙම වර්ගයේ ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන්නේ එක් පුද්ගලයෙක්. තීරණ ගැනීමේදී ඒක නම්‍යශීලී බවක් දෙනව වගේම, ඒක දුෂ්කර වෙන්නේ ව්‍යවසායයේ වගකීම් සහ අලාභ වලට ඔයා පෞද්ගලිකව වගකියන හින්දයි.