රැකියා ජීවිතය සාර්ථක කරගන්න මේ දේවල් පුරුදු වෙන්න

Team player(කණ්ඩායම් ක්‍රීඩකයෙක් වෙන්න )
අපි පටන්ගන්නේ වැදගත් ලක්ෂණයකින්. ඔයාට කණ්ඩායමේ හැම සාමාජිකයෙක් එක්කම සම්බන්ධ වෙන්න හා සමානව සහයෝගයෙන් කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනෙ. අඛණ්ඩ සාර්ථකත්වයක් ලබා ගන්න කැමති සමාගම්වලට කණ්ඩායම් ක්‍රීඩකයෙක් ඕනෙ වෙනවා, ඒක හොඳ සේවකයෙක්ගේ වැදගත්ම ගුණාංගයක්.
හොඳ සන්නිවේදකයෙක් වෙන්න ඕනේ
කණ්ඩායම් ක්‍රීඩක මාතෘකාව එක්ක බැඳිලා තියෙන තව දෙයක් අනිත් අය එක්ක හොඳින් සන්නිවේදනය කරන එක, කණ්ඩායමක් එක්ක වැඩ කරන එක සහ සමාගමේ ඉන්න අනිත් අයට උදව් කරන එක අනිවාර්ය අංගයක්. ඒක ගොඩක් වෙලාවට අනිත් අය එක්ක හොඳින් සන්නිවේදනය කරන එක විතරක් නෙමේ, ඉහළ අය එක්ක කතා කරන්නේ කොහොමද කියන එක දැන ගන්න එක හා ඔයාගෙ ප්‍රශංසා කරන්න ඕනෙ මොන වෙලාවෙද කියලා දැන ගන්න එක.

රැස්වීම්වලදී කතා කරන්න
ඔයා හොඳ සන්නිවේදකයෙක් විතරක් වෙලා බෑ, කතා කරන්න බය නැති කෙනෙක් වෙන්න ඕනෙ. සේවකයෙක්ට වැඩි දායකත්වයක් තිබ්බේ නැතත් , හොඳ ප්‍රශ්නයක් ඇසීම හෝ සෙසු සේවකයෙකුගේ අදහස වෙනුවෙන් පෙනී ඉන්න එක හොද ගුනාංගයක්.
Side note: කළමනාකරුවෙක් විදිහට ඔයා හා ඔයාගෙ සේවකයින් සාර්ථකව සන්නිවේදනය හා සහයෝගයෙන් කටයුතු කරන බව සහතික කරන්න ඔයාගෙ අභ්‍යන්තර සන්නිවේදන උපාය මාර්ග මනින්න වග බලා ගන්න.
collaborate (සහයෝගයෙන් කටයුතු කිරීම )
ඔයා එක්ක ඉන්න සේවකයින් අනිත් අය එක්ක හොඳින් වැඩ කරන්න ඕනෙ. කණ්ඩායමක් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න ඕනෙ. තනි පුද්ගලයෙක් කරන කාර්යයෙන් මොන සමාගමකටවත් සාර්ථක වෙන්න බැහැ, ඒ ඔක්කොම කණ්ඩායම් උත්සාහයක් වගේම ඒක සාර්ථකත්වයට හේතු වෙනවා.
රැකියාවට ගැලපෙන ඇදුම් ඇදීම
ඇඳුම් පැළඳුම් dress code එක business casual හෝ suit හා tie පටියක්ද යන්න ගැටළුවක් නෙමේ, සේවකයින් තමන් රැකියාවට ප්‍රියනම් ඔවුන්ගේ ඇදුමින් ඒක පේනව. ඒක වැදගත් .ඒ අය පෙනී සිටින්නේ වගකීම සහ ගෞරවය පේන විදිහට.

Take challenge attitude එකක් තිබීම
මේ වගේ සේවක ලක්ෂණ ගොඩක් වැදගත් . මොකද? කාටහරි දැඩි අභියෝගයකට, මාර්ග බාධකයකට හෝ අඩු team morale එකකට මුහුණ දෙන කොට, ඒගොල්ලොන්ට ඒ ගැන කරන්න පුළුවන් මොනවත් නැහැ කියලා සිතන සේවකයන් ආයතනයකට ඕනෙ නෑ .එයාලට ඕනෙ ක්‍රියාමාර්ග ගන්න කෙනෙක්. එහෙම උනේ නැත්නම්, කිසි විටෙකත් කිසිවක් සිදුවෙන්නෑ.
නායකත්ව හැකියා
මොකක්හරි දෙයක් වෙයි කියලා බලාගෙන ඉන්න අයට උසස්වීමක් හම්බෙන්නෑ. උසස්වීම් ලබාදෙන්නේ නායකත්ව ලක්ෂන පෙන්වන සේවකයන්ට තමයි.