SmugMug Pro

ඔයා අලුත් photographer කෙනෙක් හරි pro photographer කෙනෙක් හරි උනත් , ඔයාට වර්ධනය වෙන්න උදව් වෙන ලස්සන portfolio එකක්, විකුණුම් වේදිකාවක් හා tools(මෙවලම්) වලින් ඔයාගේ photo online විකුණන්න SmugMug උදව් වෙනවා. ඔයා නියම කරන මිල සහ SmugMug වල default printing මිල අතර ලාභයෙන් 85% ක් දක්වා ඔයාට තියා ගන්න SmugMug ඉඩ දෙනව.
ඔයා 5×7 print එකක් dollar 10.79 කට විකුණනව කියලා හිතන්න. SmugMug default මිල dollar 0.79 ක් නම්, ඒ print එකෙන් ලාබේ dollar 10ක්. මේකේදි, ඔයා dollar 8.50 ක ලාභයක් ,තියාගන්නවා. මොනවා උනත්, ඔයා portfolio plan එකට අඩුම ගානේ අවුරුද්දකට ඩොලර් 200 ක් විතර යන මාසික සාමාජිකත්වයකට ලියාපදිංචි වෙන්න ඕනේ , ඒ වගේම ඒ සැලැස්මෙන් photo online විකුණන්න e-commerce tools ගොඩක් දෙනවා.
Shutterstock

Shutterstock කියන්නේ online photo විකුණන්න තියෙන ලොකුම photo website එකක්. මේ වේදිකාව පහුගිය අවුරුදු 15 වේදි community එකට dollar බිලියනයකට වැඩි මුදලක් ගෙවල තියෙනවා වගේම, ඒක ඔයාගේ photo මිලියන ගානක් ගනුදෙනුකරුවන්ට පෙන්නන්න උදව් වෙනවා.
Shutterstock කියන්නෙ micro-stock site එකක් විදිහට සලකනව වගේම, photo වල ගණන් අඩු හා සුවිශේෂී නෑ වගේම, download වැඩි කරගන්න ප්‍රධාන ක්‍රමය වෙන්නෙ visual metaphors විදිහට පාවිච්චි කරන්න පුළුවන් රූප විශාල ප්‍රමාණයක් දායක කරන එකයි. මෙකෙන් වැඩි මුදලක් හොයන්න අපේක්ෂා කරන්න එපා , ඒත් ඔයා stock-photo විකුණන්න ඉගෙන ගන්නවනම් නම් ඒක හොඳ තැනක්.
ගෙවන එක, කාලයත් එක්ක ඔයාගේ ඉපැයීම් වල පදනම් වෙනවා වගේම 20% ඉඳන් 30% වෙනකං පරාසයක් තියෙනව. ඔයා අලුත් photographers ල හරි හෝ ගනුදෙනුකරුවන් හරි යොමු කලොත් අමතර මුදල් උපයා ගන්න පුළුවන් අනුබද්ධ වැඩසටහනකුත් තියෙනවා.
iStock photo

istock photo කියන්නෙ Getty images වල micro stock branch එකක්. මේ දෙකේ තියෙන ලොකුම වෙනස තමයි istock වල තියෙන ඔයාගේ photo සුවිශේෂ නෑ ,එකෙන් අදහස් කරන්නේ ඔයාගේ photo වෙන ආයතන එක්ක විකුණන්න පුළුවන් කියලා. මොනවා උනත් , මේකෙන් අදහස් කරන්නේ ඔයාට හම්බෙන්නේ සුවිශේෂී ඡායාරූප වලට වඩා අඩු කොමිස් මුදලක් කියන එක. Commission එක 15% ඉඳන් 45% වෙනකං පරාසයක් තියෙනව, photo සුවිශේෂීද නැද්ද කියන එකට අනුව.
මව් සමාගම වන Getty ට අනුව වර්තමාන සුවිශේෂී අනුපාත තියෙනවා:
Etsy

ඔයාට online photo විකුණන්න ඕනෙ නම්, Etsy photography shop එකක් විවෘත කරන එක ඔයාට හොඳ විකල්පයක් වෙන්න පුළුවන්.පටන්ගන්න ලේසියි : ඔයාට ඉක්මනින් print විකුණන්න පුළුවන් වගේම ගාස්තු, professional හා අලුත් photographers ල දෙගොල්ලොන්ටම ප්‍රයෝජනවත් වෙනවා. Etsy ගන්නේ ගනුදෙනු මිලෙන් 5% ක් විතරයි, ඒකට ඔයා නියම කරපු shipping fees ත් ඇතුළත් වෙනවා. ඔයා Etsy ගෙවීම් වලින් ගෙවීම් කරනව නම්, ඒක print එකක් විකුණුවට පස්සේ 3% + $ 0.25ක ගෙවීම් සැකසුම් ගාස්තුවක් එකතු කරනව.
Online photo විකුණන්න Etsy හා website වල තියෙන වෙනස තමයි ගොඩක් අය stock photo හොයන්න එන්නේ නැති එක. වේදිකාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න ඔයාට design හා ඔයාගේ Etsy shop එක marketing කරන්න වෙනවා. මොනවා උනත්, එක එක අලෙවියෙන් පොඩි කෑල්ලක් අයින් උනත්, ඒක පාවිච්චි කරලම බලන්න ඕනෙ.
Etsy වල photo විකුණන්නේ කොහොමද කියන එක ගැන වැඩිදුර දැන ගන්න ඔයාට ඕනෙ නම්, මේ මාර්ගෝපදේශය කියවන්න ඊලග ලිපියෙන්.