Getty images

Getty images කියන්නෙ stock photo website වල උඩින් තියෙන වෙබ්සයිට් එකක්. උසස් තත්ත්වයේ photo හොයන හා හොයාගන්න අමාරු පින්තූර, හොයන brand සහ publishers ලව ඒක ඇදලගන්නවා. මේ වේදිකාව, ඒකෙ microstock website එක වන istock එක්ක ලොකේ පුරා මිලියන 1.5 කට වැඩි ගනුදෙනුකරුවන් ගානක් ඉන්නවා.
දායකයෙක් වෙන්න තියෙන ප්‍රමිතීන් වෙන ගොඩක් stock photo site වලට ඉහළයි. මොනව උනත්, Getty images වලින් license කරපු photo වලට ගාස්තු 20% කින් පටන්ගන්නවා වගේම ඒවා 45% දක්වා ඉහළ යන්නත් පුළුවන්.
Stocksy

Stocksy කියන්නෙ ජනප්‍රිය මධ්‍යම ප්‍රමාණයේ stock photo site එකක්, විශේෂයෙන් publishers ලයි නිර්මාණකරුවනුයි අතර. Stocksy දායකයෙක් වෙන ඒකෙන් ඉහළ ගෙවීම් ලබා දෙනව – photographers ලට සම්මත license වලින් 50% ක royalties හා extended license වලට 75% ක royalties උපයා ගන්න පුළුවන් – ඒත් ඔක්කොම ඡායාරූප 100% සුවිශේෂී වෙනවා වගේම එකෙන් අදහස් කරන්නේ ඔයාට ඒවා වෙන stock photo site වල ආයෙ පාවිච්චි කරන්න බැරි බවයි.
Stocksy කියන්නෙ කලාකරුවන්ට අයිති සමුපකාරයක්, එකෙන් අදහස් කරන්නේ ඔයාට ව්‍යාපාරයේ අර්ධ හිමිකාරිත්වය හම්බෙනවා වගේම එකේ දිශාව පාලනය කරන්නත් පුළුවන් කියන එකයි . සමුපකාරයට අතිරික්තයක් තියෙනකොට දායකයින්ට අනුග්‍රාහක ප්‍රතිලාභ විදිහට ලාභ බෙදා ගන්නත් පුළුවන්. ඔයාගේ photo හරි footage හරි විකුණල සමුපකාරයට ඔයා දක්වන දායකත්වය අනුව මුදල් තීරණය වෙනවා.
Can stock photo

92,000 කට වඩා වැඩි photographers ල ගානකට Can Stock Photo එක්ක online stock photo විකුණනව. එක එක ගෙවීම් ව්‍යුහ තියෙනව ස්ථාවර ප්‍රතිශත වලට අනුව, ඔයාගේ referral එක විකුණන හැම photo 50 කටම dollar 5 ක් can stock දෙනවා. ඔයා can stock photo වල photo විකුණන කොට, ඒක ඔයාගේ photo, photo agency ක් වෙන Fotosearch වල ලැයිස්තුගත කරනව.
Adobe stock

Adobe stock කියන්නෙ online photo විකුණන්න හොඳම තැනක්, මොකද ඔයා ඒකෙ photo විකුණන්න ලැයිස්තුගත කරනකොට, ඒවත් Fotolia stock website එකෙන් ගන්න පුළුවන්. ඔයා දැනටමත් වෙන නිර්මාණාත්මක project වලට Adobe කට්ටලය පාවිච්චි කරනව නම්, ඔයාගේ images, video, vectors හෝ illustrations කෙලින්ම adobe stock වලට Adobe lightroom CC සහ Adobe bridge CC වලින් හා web එකෙන් දාන්න පුළුවන්.
Adobe stock වලින් photo විකුණන එකෙන් ඔයාට මිලියන ගණනක් ගැනුම්කරුවන්ට ලං වෙන්න පුළුවන් වගේම ඒ අයගේ කැමතිම app වලින් ලෝකේ ලොකුම නිර්මාණශීලී ප්‍රජාවට සම්බන්ද වෙන්න පුළුවන්. තව ඔයා ඒකෙන් විකුණන photo වලින් 33% ක කොමිස් මුදලක් උපයා ගන්න පුළුවන්.