Tuesday, May 30, 2023
No menu items!
HomeSELLINGphoto sell කරලා earn කරන්න කැමති කවුද ? Part 4

photo sell කරලා earn කරන්න කැමති කවුද ? Part 4

Twenty20

Instagram photographers ලට ඒගොල්ලොන්ගේ images brand වලට ​​විකුණන්න උදව් වෙන්නයි Twenty20 පටන් ගත්තේ . දැන් ඒක ශක්තිමත් stock photo site එකක් වෙනවා වගේම ඔයාට online photo විකුණන්න , අනාගත ගනුදෙනුකරුවන් එක්ක සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඔයාට ක්‍රම 3කින් මුදල් හොයාගන්න පුළුවන්:

Licensed photo එකකින් dollar 2 ක් හොයන එක

Photo challenges වලින් මුදල් ත්‍යාග ලබා ගන්න එක

ඔයාව කුලියට ගන්න ඕනම වෙළඳ නාමයකින් 100% ක commission එකක් ලබා ගන්න එක

Twenty20 එක්ක, ඔයාට ඒකෙ app එකෙන් photo විකුණන්න හරි brand එකේ domain එක පාවිච්චි කරලා ඔයාගෙම website එකට upload කරන්න පුළුවන්.මොනවාඋනත්, online පින්තූර විකුණල, ඔයා කැමති දේ කරල මුදල් උපය ගන්න මේක හොදම තැනක්.

Depositphotos

Depositphotos කියන්නෙ රටවල් 200 කට වැඩි සංඛ්‍යාවක file හා customers ල මිලියන 150 කට වැඩි library එකක් තියෙන visual content වලට හැදුණු ගෝලීය වෙළඳපොළක්. Depositphotos වල ලෝකේ පුරා 100,000 කට වැඩි දායකයින් ගානක් ඉන්නවා වගේම Warner bros.., Trip advisor, Subaru සහ තව ගොඩක් ජාත්‍යන්තර සමාගම්වල විශ්වාසය තියෙනව. Commission තියෙන්නේ ඒ වේදිකාවේ දායකයාගේ අත්දැකීම් හා status එක වගේම resolution සහ license වර්ගය අනුවයි. ඒ එක්කම commission එක 34% ත් 42% ත් අතර පරාසයක තියෙනව.

Dreamstime

අවුරුදු 20 කට ළඟ කාලයක ඉඳන් Dreamstime නිර්මාණාත්මක වෙළඳපොලේ ගනුදෙනුකරුවන්ට උසස් තත්ත්වයේ images ලබා දෙනවා – පුද්ගලික අංශයේ ස්වාධීන ගනුදෙනුකරුවන්ගේ ඉඳන් fortune 500 සමාගම් වෙනකං. Stock agency එක ගනුදෙනු කරනව:

ලියාපදිංචි සාමාජිකයින් මිලියන 31 ක්,
600,000 ක් දායක වන photographers ල
ඡායාරූප මිලියන 144 ක්, illustration, clipart සහ vectors
මිලියන 20 ක මාසික website එකට එන අය

Dreamstime දායකයින්ට ත්‍යාගශීලී ගෙවීමක් කරනව. මොනවා උනත්, ඒකට වැඩි කැපවීමක් ඕනෙ වෙනවා: අඩුම ගානේ මාස හයක්වත් ඔයාගේ portfolio එකෙන් අඩුම ගානේ 70% ක් වත් ඔයාගේ website එකේ තියෙන්න ඕනෙ. ඒත් සුවිශේෂී නොවන දායකයින්ට 25% -50% උපයන්න පුළුවන් වගේම, විශේෂී photo 27.5% -55% ක commission එකක් ජනනය කරනව. Referrals වලිනුත් ඔයාට සල්ලි හොයන්න පුළුවන්,දායකයා විදිහටයි ගනුදෙනු කරන කෙනෙක් විදිහටයි දෙකටම

Eye EM

EyeEM stock photo advertise කරන එකට වැඩි අවධානයක් දෙනවා වගේම,ඔයා commercial photography වලට කැමතිනම් මේක photo විකුණන්න හොදම තැනක් . Airbnb, Spotify හා තව ලොකු brand වලට shoots කරන්න වෙන්කරව ගන්න පුළුවන්.

රටවල් 150 කට වැඩි සංඛ්‍යාවක මිලියන 25 කට වැඩි photographers ල සහ videographers ලගෙන් සමන්විත ප්‍රජාවකට ඒක උදව් වෙනව වගේම විකුණන හැම photo එකකටම 50% ක කොමිස් මුදලක් ලබා දෙනව.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments