Tuesday, May 30, 2023
No menu items!
HomeENTREPRENEURSHIPව්‍යවසායකයකු වෙන්න කැමති අය කියවන්න ? Part 3

ව්‍යවසායකයකු වෙන්න කැමති අය කියවන්න ? Part 3

සල්ලි නැතුව ව්‍යවසායකයෙකු වෙන්නේ කොහොමද ?

Edited in Prisma app with Femme

ආරම්භක වියදම් ඕනෙ නැති ව්‍යාපාරයක් පටන්ගන්න.
ගොඩක් ව්‍යාපාරික අදහස් වලට website එකක්, උපකරණ සහ වෙළඳ භාණ්ඩ වගේ ආරම්භක පිරිවැය ඕනෙ වෙනවා වගේම, ඒ මොනවත් ඕනෙ නැති ව්‍යාපාර ගොඩක් තියෙනව. ඔයාට ඉදිරිපත් කරන්න තියෙන කුසලතා හා අත්දැකීම් ගැන හිතලා බලන්න, ඔයාට විකුණන්න පුළුවන් භාණ්ඩ හෝ සේවා වලට අදහස් නිර්මාණය කරන්න හරි සපයන්න හරි ඔයාට මොනවත් මිලදී ගන්න ඕනෙ නෑ කියලා හිතන්න. ඔයාට අන්තිමේදි ආපහු ගෙවන්න පුළුවන් ණයක් හරි ආයෝජනයක් හරි ගැන්න ඔයාට පුළුවන්, ඒත් ඔයගේ අදහස ඉදිරිපත් කරන්න ගුණාත්මක ව්‍යාපාර සැලැස්මක් ඉදිරිපත් කරන්න ඕනෙ.

නිදසුනක් විදිහට, ඔයාට අලුත්වැඩියා කරන්න අත්දැකීම් තියෙනවනම් දේවල් අලුත් වැඩියා කරන සමාගමක් හරි ඔයාට පිරිසිදු කරන සමාගමක් පටන්ගන්න හරි පටන් ගන්න පුළුවන්. ඔයාට දැනටමත් ඕනෙ කරන basic supplies තියෙනව නම් මේ අදහස් වලට කීයක්වත් සල්ලි වැයවෙන්නේ නෑ .
ඔයාට හොඳ අදහසක් තියෙනව නම් සහ ඔයාගෙ ව්‍යාපාර සැලැස්ම ශක්තිමත් නම් බැංකු සහ ආයෝජකයින් ආරම්භක පිරිවැය දෙන්න කැමති වෙනව.

පටන්ගන්න ලාභම ව්‍යාපාර මොනවාද?

Edited in Prisma app with Femme

Online සහ පුද්ගලික සේවා ව්‍යාපාර ලාභදායී සහ පටන්ගන්න ලේසියි.

Online seller කෙනෙක් විදිහට හරි සේවා සපයන්නෙක් හරි විදිහට, ඔයාට ගොඩනැගිල්ලකට කුලිය ගෙවන්න හරි inventory වලට ගබඩාවක් හරි තියෙන්න ඕනෙ නෑ. Commission එකකට බඩු විකුණන්න ඔයාට Amazon වගේ online marketplace පාවිච්චි කරන්න පුළුවන්, නැත්නම් dropshipper කෙනෙක් වෙන්න පුළුවන් , ඒකෙන් අදහස් කරන්නේ ඔයා විකුණන නිෂ්පාදන පාරිභෝගිකයෙක් ඔයාගෙන් මිලදී ගත්තම නිෂ්පාදකයා ඒක ship කරනවා කියන එකයි. ඔයාට පිරිසිදු කිරීමේ සේවාවක්, බල්ලන් ඇවිදීමේ සේවාවක් නැත්නම් නිවාස අලුත්වැඩියා කිරීමේ ව්‍යාපාරයක් වගේ පුද්ගලික සේවා ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන් (ඔයාට දැනුම, මෙවලම් සහ අත්දැකීම් තියෙනව නම්).

මේකට අමතරව, ඔයාට නිශ්චිත කර්මාන්තයක අත්දැකීම් ගොඩක් තියෙනව නම්, ඔයාගෙ දැනුම ඕනෙ සමාගම්වලට දෙන්න, ඔයාට consulting services(උපදේශන සේවා) ලබා දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට, budget එකක් සමතුලිත කරන්න දන්නවා නම් , financial consulting (මූල්‍ය උපදේශකයෙක්) විදිහට ව්‍යාපාරවලට උදව් කරන්න ඔයාට ඉදිරිපත් වෙන්න පුළුවන්.

ව්‍යවසායකයෙක් කොච්චර මුදලක් හොයනවද?

Edited in Prisma app with Femme

ලෝකයේ ව්‍යවසායකයෙක්ගේ සාමාන්‍ය ආදායම වසරකට USD 70,000 ක් විතර වෙනවා.
වෙනස් ව්‍යාපාර ගොඩක් ඇති හින්දා, ඒ ගාන විශාල වශයෙන් වෙනස් වෙන්න පුළුවන් . සමහර ව්‍යවසායකයින් වැඩි වැඩියෙන් උපයනවා වගේම සමහරු ඊට වඩා අඩුවෙන් උපායනවා. මොනවඋනත්, United States වල average ගෙදරක ආදායම වසරකට USD 52,000 ක් විතර වෙනවා වගේම ව්‍යවසායකයින් ගොඩක් වෙලාවට ඊට වඩා වැඩි මුදලක් හොයනව.

Tips

Edited in Prisma app with Femme

ඔයාට ඒ ගමන තනියෙන්ම යන්න ඕනෙ නෑ. විශේෂයෙන්ම lawfirm හරි restaurant වගේ ඒවගේ අලුත් ආරම්භකයින්ට, ක්ෂේත්‍රයේ පළපුරුද්ද හා කුසලතා තියෙන කණ්ඩායමක් ඉන්න එක ඔයාගෙ සාර්ථකත්වයේ අවස්ථා වැඩි කරනව.
ඔයා ව්‍යාපාරයක් පටන්ගන්න හිතන කර්මාන්තයේ තරඟකරුවන් දිහා බලන්න. වැඩ කරන්නේ මොකද්ද කියල හොයාගෙන ඒක ඔයාගෙම ව්‍යාපාරයකට පාවිච්චි කරල ඒ අයගේ අඩුපාඩුවක් තියෙනව කියල හිතන තැන ඔයා වැඩිදියුණු කරන්න.

Warning

Edited in Prisma app with Femme

අලුත් ව්‍යාපාර අසාර්ථක වෙන එක සාමාන්‍ය දෙයක්. ඇත්තටම, පොඩි ව්‍යාපාර 10 කින් 8 ක්ම පළවෙනි මාස ​​18 අසාර්ථක වෙනවා. මොනවා උනත්, ඔයගේ ව්‍යාපාරය අසාර්ථක උනා කියලා, ඒකෙන් අදහස් කරන්නේ ඔයාට වෙන දෙයක් පටන් ගන්න බෑ කියන එක නෙවේ.!

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments