සිනහව
අපි සතුටු වෙනකොට හිනා වෙනවා. ඒත් ඇත්තටම හිනාව තමයි සතුට ඇති වෙන්න හේතු වෙන්නෙ.
අපි හිනා වෙනකොට හිනාව නිසා මොළයෙන් ඩොපමයින් මුදා හරිනවා. ඒකෙන් අපිට සතුටක් ලැබෙනවා.
මේකෙන් අදහස් කරන්නේ අපි නිතරම අපේ මූනෙ හිනාවක් තියා ගන්න ඕනි කියලයි. ඊළඟ වතාවේ, ඔයාට දුකක් ඇති උනාම හිනාවෙලා බලන්න. ඔයාටම වෙනසක් තේරෙයි. හැම උදේම කණ්ණාඩියෙන් ඔයාම සිනාසෙමින් දවස පටන් ගන්න උත්සාහ කරන්න.
ව්‍යායාම කරන්න

ව්‍යායාම අපේ ශරීරයට විතරක් නෙමේ හොඳ. හැමදාම ව්‍යායාම කිරීමෙන් මානසික ආතතිය, කාංසාව, මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ අඩු කර ගන්න පුලුවන් වගේම ව්‍යායාම කරන එකෙන් ආත්ම අභිමානය හා සතුට වැඩි කරනවා.ශාරීරික ක්‍රියාකාරකම් වලින් සුළු ප්‍රමාණයක් වුනත් සතුට ලැබෙන්න ප්‍රමාණවත්. ඕනාවට වඩා වැඩ කරන්න කියලා නෙමෙයි මේකෙන් අදහස් කරන්නෙ. මේ ක්‍රියාකාරකම් උත්සාහ කරලා බලන්න රාත්‍රී ආහාරයෙන් පස්සේ හැම රෑකම පොඩ්ඩක් ඇවිදින්න යෝගා ආරම්භක පන්තියක් සඳහා ලියාපදිංචි වෙන්නවිනාඩි 5 ක් විතර ඔයා කරන්න කැමති දේවල් මෙනෙහි කරන්න මතක් කරන්න.
ඕනෑ තරම් නින්ද ලබා ගන්න

අපිට දවසකට නිදා ගන්න ලැබෙන්නෙ කොච්චර පැය ගානක් උනත් අපි හැමෝටම ප්‍රමාණවත් නින්ද අත්‍යවශ්‍යයි කියලා අපි හැමෝම දන්නවා. යහපත් සෞඛ්‍යයට, මොළයේ ක්‍රියාකාරිත්වයට වගේම චිත්තවේගීය යහපැවැත්මට නින්ද ඕනි.
වැඩිහිටියන්ට සෑම රාත්‍රියකම පැය 7 ක් හෝ 8 ක් පමණ නින්දක් අවශ්‍ය වෙනවා.
වඩා හොඳ නින්දක් ගොඩනඟා ගැනීමට ඔබට උපකාරී වන උපදෙස් කිහිපයක් මෙන්න
හැම රෑකම ඔයාට කොච්චර පැය ගානක නින්දක් ඕනිද කියලයි ඔයාට දැනෙන විවේකය ලියන්න.
සතියකට පස්සේ, කොහොමද කියලා කලින්ට වඩා හොඳ අදහසක් තියෙන්න ඕනි.
සති අන්තය ඇතුළුව හැම දවසකම නිදාගෙන එකම වෙලාවක ඇහැරෙන්න.
ඇඳට යන්න කලින් පැයක් වෙන් කරන්න. ඒ වෙලාවෙ නාන්න, කියවන්න, නැත්නම් සැහැල්ලුවෙන් මොනාහරි දෙයක් කරන්න.
අධික ලෙස ආහාර ගැනීමෙන් හා පානය කිරීමෙන් වළකින්න.
ඔයාගෙ නිදන කාමරය අඳුරු, සිසිල් සහ නිහඬව තියා ගන්න.
හොඳ ඇඳ ඇතිරිලි තියා ගන්න.
දවල් කාලයේ ඔයාට ඕනි කෙටි නින්දක් නම් ඒක විනාඩි 20 කට සීමා කරන්න.
නිතරම නිදාගැනීමේ ගැටළු තියෙනව නම්, වෛද්‍යවරයෙක් හමු වෙන්න.
හොඳ ආහාර වේලක් ගන්න

ආහාර තේරීම සමස්ත ශාරීරික සෞඛ්‍යයට ම බලපානවා කියලා අපි දන්නවා. ඒත් සමහර ආහාර අපේ මනසටද බලපානවා.උදාහරණ විදියට කාබෝහයිඩ්රේට “හොඳ හැඟීමක්” ඇති හෝමෝනයක් වන සෙරොටොනින් නිකුත් කරනවා. සීනි සහ පිෂ්ඨය අධික ආහාර අඩුවෙන් ගන්න. මොකද ඒකෙන් ලැබෙන ශක්තිය වැඩිවීම කෙටි කාලීනයි වගේම ඉක්මනින් නැති වෙනවා. ඒ නිසා එළවළු, බෝංචි සහ ධාන්‍ය වර්ග වගේ ආහාර නිතරම ගන්න.රනිල කුලයට අයත් ආහාර සහ කිරි වල ප්‍රෝටීන් අධිකයි. මේ ආහාර මගින් ශක්තිය හා සාන්ද්‍රණය ඉහළ නංවන ඩොපමයින් සහ නොරපිනෙප්රින් නිකුත් කරනවා. කෘතිමව හදපු හා ගැඹුරු තෙලේ බැදපු ආහාර ශරීරයට අහිතකරයි. ඒ වගේ කෑම කන එකෙන් වළකින්න.හැම දවසකම හොඳ ආහාර තේරීමකින් දවස ආරම්භ කරන්න.
කෘතගුණ දක්වන්න

කෘතඥතාවයෙන් ඉන්න එක අපේ මනසට හොඳයි වගේම ලොකු ශක්තියක් ලබා දෙනවා. කෘතඥතාව පළ කිරීම බලාපොරොත්තුව හා සතුට පිළිබඳ හැඟීම් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරනවා කියලා පරීක්ෂණවලින් හොයාගෙන තියෙනවා.
ඔයා ස්තුතිවන්ත වන එක් දෙයක් පිළිගැනීමෙන් හැම දවසක්ම පටන් ගන්න. ඔයාට මේක දත් මදින ගමන් හරි එලාම් එක off වෙන වෙලාව බලන් ඉන්න වෙලාවෙ හරි කරන්න පුලුවන්.
ඔයා ඔයාගෙ දවස ගත කරන අතරතුරේ, ඔයාගෙ ජීවිතයේ ප්‍රසන්න දේවල් ගැන විමසිල්ලෙන් ඉන්න උත්සාහ කරන්න. කෙනෙක් ඔයාට ආදරය කරනවා කියලා දැන ගත්ත එක හරි, සුදුසුකම් ලත් උසස්වීමක් ලබා ගැනීම වගේ විශාල දෙයක් වෙන්නත් පුලුවන්.ඒ වගේම ඔයාට තේ කෝප්පයක් දුන්න යාලුවෙක්/අසල්වැසියෙක් වගේ පොඩි දෙයක් වෙන්නත් පුලුවන්.
පොඩි උත්සාහයක් එක්ක, ඔයා අවට තියෙන හැම ධනාත්මක දෙයක් ගැනම අවධානය යොමු කරන්න.