විද්‍යාඥයින් විසින් අපිව සතුටින් තියන්න පුලුවන් දේවල් මොනාද කියලා අධ්‍යයනය කරන්න ගොඩක් කාලයක් ගත කරලා තියෙනවා. සතුට යහපත් සෞඛ්‍යයට වගේම දීර්ඝායුෂ ඇති කරන්න හේතු වෙනවා කියලා අපි දන්නවා. සමාජයේ ප්‍රගතිය හා රාජ්‍ය ප්‍රතිපත්තිවල සාර්ථකත්වය මනින්නත් සතුට පරිමාණයක් විදියට භාවිතා කරනවා. අපේ හැසිරීම, අපේ වටපිටාව සහ අපේ සබඳතාවල පොඩි පොඩි වෙනස්කම් කරන්න අපි හැම කෙනෙක්ටම පුලුවන්. ඒකෙන් අපට සතුටින් පිරි ජීවිතයක් ගත කරන්න පුලුවන්.
මනස

සතුට ගොඩක් වෙලාවට අපේ මනස ඇතුලෙන්මයි එන්නෙ. ඒකට Negative thinking එහෙමත් නැත්නම් ඍණාත්මක සිතුවිලි නැති කරගන්න ඕනි.
මිනිස්සු හොඳ අත්දැකීම් වලට වඩා තමන්ට වෙච්ච නරක අත්දැකීම් ගැන කතා කරන්න ප්‍රවණතාවක් තියෙනවා. ඒක පරිණාමීය අනුවර්තනයක්. ඒ කියන්නෙ ජීවිතයේ අපි මුහුණ දෙන භයානක හරි හානිකර හරි අවස්ථාවන්ගෙන් ඉගෙනගෙන (හිරිහැර කිරීම, කම්පනය, පාවාදීම වගේ) අනාගතයේදී ඒවා වළක්වා ගන්න හා ප්‍රශ්නෙකදි ඉක්මණට ප්‍රතික්‍රියා කරන්න පුරුදු වෙනවා.
ඒකෙන් අදහස් වෙන්නේ ඍණාත්මක සිතුවිලි ජය ගන්න අපේ මොළය පුහුණු කරන්න ටිකක් මහන්සි වෙන්න ඕනි කියලයි. ඒක කරන්නෙ මෙන්න මෙහෙමයි ?
ඍණාත්මක සිතුවිලි නවත්තන්න උත්සාහ කරන්න එපා. “මං මේ ගැන හිතන එක නවත්තන්න ඕනි” කියලා අපි අපිටම කියා ගන්න එකෙන් වෙන්නෙ ඒ ගැන තවත් හිතන්න පෙළඹෙන එක. ඒ වෙනුවට, ඔයාගෙ කරදර පිළිගන්න. “මං මුදල් ගැන කරදර වෙනවා.” “මං රැකියා ස්ථානයේ තියෙන ප්‍රශ්න ගැන අවධානයෙන් ඉන්නවා” එහෙම හිතන්න.
තමන් යාලුවෙක් කියලා හිතන්න. ඔයාට නිෂේධාත්මක හැඟීමක් ඇති වුනාම, ඔයා ඔයාගෙ යාලුවෙක්ට දෙන උපදෙස් මොනාද කියලා ඔයාම හිතන්න. දැන් ඒ උපදෙස් ඔයාටම අදාළ කර ගන්න උත්සාහ කරන්න.
ඔයාගෙ ඍණාත්මක සිතුවිලි වලට අභියෝග කරන්න. අධ්‍යයනවලින් පෙනී යන්නේ මේ ක්‍රමයෙන් මානසික අවපීඩන රෝග ලක්ෂණ අඩු කරන්න පුලුවන් කියලයි. මේකෙ ඉලක්කය වෙන්නේ ඔයාව නිෂේධාත්මක මානසිකත්වයකින් (“මම අසාර්ථකයි.”) වඩාත් ධනාත්මක තත්වයකට ගේන එක. (“මම මගේ වෘත්තීය ජීවිතය තුළ විශාල සාර්ථකත්වයක් ලබලා තියෙනවා. මේක එක පසුබෑමක් විතරයි. මට ඒකෙන් ඉගෙන ගෙන මීට වඩා හොඳ වෙන්න පුලුවන් ”)
ඍණාත්මක සිතුවිලිවලට අභියෝග කරන්න ඔයාට ඔයාගෙන්ම අහන්න පුලුවන් ප්‍රශ්නවලට උදාහරණ කිහිපයක් මෙන්න.
ඉස්සෙල්ලාම, “මට රැකියාවේදී ගැටලු තියෙනවා, මගේ හැකියාවන් අඩුයි.” වගේ ඔයාගෙ ප්‍රශ්න ලියන්න.
ඊට පස්සේ ඔයාගෙන්ම මෙහෙම අහන්න.
“මට මෙහෙම හිතුන එකට සාක්ෂි මොනාද?”
“මම මේකට පදනම් කරගන්නේ කරුණුද? නැත්නම් හැඟීම්ද? ”
“මම මේ තත්වය වැරදි විදියට තේරුම් ගත්ත ද?”
“මේක වෙන කෙනෙක්ට වුනොත් මං ඒක සලකන්නේ කොහොමද? ”
නිගමනය: ඍණාත්මක චින්තනය අපි හැමෝටම තියෙනවා, ඒත් අපි ඒක හඳුනාගෙන ඒ චින්තනයට අභියෝග කරනවා නම්, අපි සතුටින් පිරි ජීවිතයක් සඳහා විශාල පියවරක් තියනවා.
පාලනය කළ හුස්ම ගැනීම

විද්‍යාව පුරාණයේ මේ භාවිතයේ ප්‍රතිලාභ ඇත්ත කියලා සාක්ෂි හොයාගෙන තියෙනවා. උදාහරණයක් විදියට… අධ්‍යයනවලින් හොයාගෙන තියෙනව. සාංකාව, නින්ද නොයාම, පශ්චාත් කම්පන ආතති ආබාධ, මානසික අවපීඩනය වගේම අවධානය යොමු නොවීම වගේ රෝග ලක්ෂණ අඩු කරන්න හුස්ම ගැනීමේ පුරුදු උදව් වෙනවා කියලා. ශතවර්ෂ ගණනාවක් තිස්සේ යෝගීවරු ජීව ශක්තිය වැඩි දියුණු කරන්න හුස්ම පාලනය භාවිතා කරලා තියෙනවා. භාවනා කරන්න පුරුදු වෙන එකත් සතුටින් පිරි ජීවිතයක් ගත කරන්න උදව් වෙනවා.
ඔබේ කතාව නැවත ලියන්න

තමන් ගැන වගේම පෞද්ගලික අත්දැකීම් ගැන ලියන්න. මේක චර්යාත්මක වෙනස්කම් ඇති කරනවා වගේම සතුට වැඩි දියුණු කරනවා. (ප්‍රකාශන ලිවීමෙන් මානසික ආතතිය අඩු කර ගැනීමටත්, පිළිකා රෝගීන් අතර රෝග ලක්ෂණ අඩු කර ගැනීමටත්, වෙනත් සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමටත් පුලුවන් වෙනවා.)
සමහර පර්යේෂණවලින් හොයාගෙන තියෙනවා දවසකට විනාඩි 15 ක් පොතක ලිවීම සමස්ත සතුට හා යහපැවැත්මට ඉවහල් වෙනවා කියලා. ඒකට හේතුව තමයි අපේ හැඟීම් ප්‍රකාශ කරන්න, අපේ තත්වයන් ගැන සිහියෙන් ඉන්න වගේම අභ්‍යන්තර ගැටුම් නිරාකරණය කරන්න ඒක උදව් වෙන නිසා. එහෙමත් නැත්නම් ඔයාට ඊළඟට මුහුණ දෙන්න වෙන එක විශේෂ අභියෝගයක් ගැන අවධානය යොමු කරලා ඒ කතාව ලියන්න පුලුවන්.
අපේම කතන්දර ලිවීමෙන් හා සංස්කරණය කිරීමෙන් අපිට අපි ගැන මතය වෙනස් කරලා අපේ පෞද්ගලික යහපැවැත්මට තියෙන බාධක හඳුනාගන්න පුලුවන්.
මෙන්න හොඳ උදාහරණයක් ?
ඔයාගෙ ප්‍රශ්නය ගැන කෙටි කතාවක් ලියන්න.
මට මුදල් ගැටළු තියෙනවා
අලුත් නගරයක මට යාලුවො හොයාගන්න අමාරුයි
මම කවදාවත් ආදරය හොයාගෙන නැහැ
මම මගේ සහකරු හෝ සහකාරිය ඒක්ක නිතරම රණ්ඩු වෙනවා
දැන් මධ්‍යස්ථ නිරීක්ෂකයෙකුගේ දෘෂ්ටි කෝණයෙන් අලුත් කතාවක් ලියන්න, ඔයා යාලුවෙක්ට දෙන දිරිගැන්වීමක් එක්ක
~ මුදල් කියන්නෙ අභියෝගයක්, ඒත් ඔයාට මූල්‍යමය ස්ථාවර තත්වයට පත්වෙන්න පියවර ගන්න පුලුවන්.
~ හැම කෙනෙක්ටම අලුත් නගරයක පළවෙනි අවුරුද්ද දුෂ්කරයි. ඒකට යම් කාලයක් දෙන්න. සමහර කණ්ඩායම් එක්ක සම්බන්ධ වෙන්න.
~ ආදරය හොයා ගන්න එක ගැන අවධානය යොමු කරන්න එපා. අලුත් පුද්ගලයින් හමුවෙන්න, විනෝද වීම ගැන අවධානය යොමු කරන්න. ඉතිරිය ඉබේම සිද්ධ වෙයි.
~ couple ගොඩක් වෙලාවට තර්ක කරනවා තමයි කොහොමත්.
මධ්‍යස්ථ නිරීක්ෂකයෙකුට ඔයාගෙ තත්වය පේන්නෙ මේ විදියට ?
අධ්‍යයනවලින් පෙනී යන්නේ අපේ කතාව ලියන එකෙන් නිෂේධාත්මක මානසිකත්වයෙන් ඉවත් වෙලා ජීවිතය ගැන වඩාත් ධනාත්මක දෘෂ්ටියකට අපිව ගෙනි යන්න පුලුවන් කියලා. ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා මහාචාර්යවරයෙකු වන ජේම්ස් පෙන්බේකර් පැවසුවේ “මේකෙ අදහස වෙන්නේ අපි කව්ද, අපි යන්න ඕනි කොතැනටද කියන එක ගැන අවබෝධයක් ලබා දෙනවා වගේම ඒක අපේ ජීවන මාර්ගය යහපත් කරනවා” කියලයි.
චලනය ලබා ගන්න

මිනිස්සු නැඟිටලා චලනය වෙනකොට, ඒගොල්ලො එක තැන එක විදියට ඉන්න කාලයට වඩා සතුටින් ඉන්නවා. ජංගම දුරකථන පාවිච්චි කරන අයගේ චලන හා මානසික තත්ත්ව ගැන කරපු අධ්‍යයනයකින් හෙළි වුනේ ඒ අය වාඩි වෙලා හරි නිදාගෙන හරි හිටිය කාලයට වඩා පහුගිය විනාඩි 15 තුළ ඇවිදලා තිබ්බා නම් මීට වඩා සතුටක් ලැබෙනවා කියලා. ගොඩක් වෙලාවට ඒක ලොකු ක්‍රියාකාරකමක් නෙවෙයි පොඩි ඇවිදීමක් වෙන්න පුලුවන්. ඒත් ඒකෙන් හොඳ මනෝභාවයකට පත් වෙනවා. ඇත්ත වශයෙන්ම, චලනය වීමෙන් ඔයා සතුටට පත් වෙනවද, ප්‍රීතිමත් පුද්ගලයන් වැඩි වැඩියෙන් ගමන් කරනවද කියලා අපි දන්නෙ නෑ. හැබැයි වැඩි ක්‍රියාකාරිත්වයකින් හොඳ සෞඛ්‍යයක් හා වැඩි සතුටක් ලැබෙනවා කියලා අපි දන්නවා.
සුභවාදී බව පුහුණු වන්න

සුභවාදී බව ඉගෙන ගන්න ඕනි එකක්. ඔයා දුප්පත් පවුලක ඉපදුනත්, ඔයාගෙ අභ්‍යන්තරයේ තියෙන ශක්තිය ඔයාට තාමත් හොයාගන්න පුලුවන්. සුභවාදී කියන එකෙන් අදහස් වෙන්නෙ දරුණු තත්වයක යථාර්ථය නොසලකා හරින එක නෙමේ. උදාහරණයක් විදියට රැකියාව අහිමිවීමෙන් පස්සේ ගොඩක් දෙනෙක්ට පරාජයක් දැනෙන්න පුළුවන්. සුභවාදීව හිතන අය මේ අභියෝගය වඩාත් බලාපොරොත්තු සහගත ලෙස පිළිගෙන, “මේක දුෂ්කර වෙන්න පුලුවන්, ඒත් ඒක මගේ ජීවිතයේ අරමුණු ගැන තව හිතන්න හා මට මීට වඩා හොඳ රැකියාවක් හොයා ගන්න අවස්ථාවක්.” කියලා හිතනවා.
ධනාත්මකව හිතනවා වගේම ධනාත්මක පුද්ගලයන් අපි වටා ඉන්න එක ඇත්තටම උදව් වෙනවා. ඒ නිසා සුභවාදී පුද්ගලයන් එක්ක කාලය ගත කරන්න හැමතිස්සෙම උත්සාහ කරන්න.