Tuesday, May 30, 2023
No menu items!
HomeENTREPRENEURSHIPව්‍යවසායකයකු වෙන්න කැමති අය කියවන්න ? Part 2

ව්‍යවසායකයකු වෙන්න කැමති අය කියවන්න ? Part 2

ව්‍යවසායකයෙක් වෙන එක කොච්චර දුෂ්කර ද?

Edited in Prisma app with Leya

සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගා ගන්න ගොඩක් කාලයක් හා වැඩ කිරීමක් ඕනෙ වෙනවා.
ඔයාට හොඳ අදහසක්, ශක්තිමත් ව්‍යාපාර සැලැස්මක් සහ කල්පනාකාරී අලෙවිකරණ උපාය මාර්ගයක් තිබ්බත්, ව්‍යාපාරයක් පටන්ගන්න එක Marathon එකක්. ප්‍රදාන දේ තමයි ඉවසිලිමත් වෙන එක, ස්ථාවර වෙන එක සහ හැමදාම වැඩ කරන එක. ඔයා ඒක මතක තියාගෙන, මහන්සි වෙලා වැඩ කළොත් ඒක කරන්න පුළුවන්!
එක රැයකින් සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගන්න බෑ, ඒකට කාලය ගත වෙනවා. Amazon උනත් අද ඉන්න යෝධයා වෙන්න දශකයක් ගියා.
සාර්ථක ව්‍යවසායකයින් ගොඩක් දෙනෙකුට අසාර්ථක වෙච්ච ව්‍යාපාර තියෙනව කියල මතක තියා ගන්න, ඒත් ඒ අය ඒක ඒගොල්ලොන්ව නවත්තන්න ඉඩ දුන්නේ නෑ. ඔයාගෙ ව්‍යාපාරය කරගෙන යන්න අමාරු නම් හරි, ව්‍යාපාරය යට යනවා නම් හරි, ඒකෙන් අදහස් කරන්නේ ඔයාට අලුත් දෙයක් කරන්න උත්සාහ කරන්න හරි වෙන දෙයක් පටන්ගන්න හරි බෑ කියන එක නෙවේ.

ව්‍යවසායකයෙක් වෙන්න ඔයා ඉගෙන ගන්න ඕනෙ මොනවද?

Edited in Prisma app with Leya

ව්‍යාපාරයක් පවත්වගෙන යන්න ගිණුම්කරණය, ආර්ථික විද්‍යාව සහ කළමනාකරණය ඔයාට උදව් වෙනව …..

ගිණුම්කරණය ඉගෙනගන්න එක අර්ථවත් වෙන්නේ ඔයාගේ ව්‍යාපාරයේ මූල්‍ය කටයුතු ගොඩක් හොඳට කළමනාකරණය කරන්නේ කොහොමද කියලා ඔයා දන්න හින්දයි. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදා හැරීම සහ පරිභෝජනය වගේම රජයේ ප්‍රතිපත්ති සහ වෙළඳපල වෙනස්වීම් තේරුම් ගන්න ආර්ථික විද්‍යාව ඔයාට උදව් වෙනවා වගේම ඒකෙන් ඔයගේ ව්‍යාපාරයට සාර්ථක වෙන්න පුළුවන්. කළමනාකරණය ගැන වැඩිදුර ඉගෙනීම ඔයාගෙ කණ්ඩායම මෙහෙයවීමට හා පෙළඹවීමට උපකාරී වෙනවා වගේම ඒකෙන් ඔයාගේ ව්‍යාපාර කටයුතු කරන්න හැමෝම කැප වෙනවා.

ඔයාගෙ විශ්ව විද්‍යාල අධ්‍යයන කාලයේ ඔයාට මේව courses විදිහට කරන්න පුළුවන්, නැත්නම් ඒව තනියම කියවලා දැනගන්න පුළුවන්. ව්‍යවසායකයින් ලියපූ පොත් ගොඩක් තියෙනව, ඔයාට Rework, The lean startup සහ 4 hour work week වගේ masters ලගෙන් ඉගෙන ගන්න පුළුවන්.

අලෙවිකරණය, ලිවීම සහ computer science ඔයගේ ව්‍යාපාරය අලෙවිකරණය කරන්න උදව් වෙනවා

Edited in Prisma app with Leya

ඔයගේ ව්‍යාපාරය හදාගන්න, නිෂ්පාදනය සහ මූල්‍යය අවබෝධ කර ගන්න එක වැදගත් වෙනවා වගේම, ඔයාගෙන් මිලදී ගන්න,මිනිස්සු ඔයා ගැන හොයල බලන්න ඕනෙ! අලෙවිකරණය එන්නේ අන්න එතනදී. ඔයාගෙ ව්‍යාපාරය විකුණන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න එක මිල කරන්න බෑ. ලිවීම අලෙවිකරණය හා ශක්තිමත් ලිවීමේ කුසලතා එක්ක අත්වැල් බැඳගෙන ඔයා ආයෝජකයින් හා ගනුදෙනුකරුවන් එක්ක සන්නිවේදනය කරන කොට ඔයයි, ඔයාගෙ ව්‍යාපාරයටයි ලොකු professional පෙනුමක් ලබා දෙනව. මේකට අමතරව, මේ දවස්වල ලෝකයේ ගොඩක් දේවල් online තියෙන හින්දා, computer science මූලික පසුබිමක් තියෙන එක ඔයාගෙ ව්‍යාපාරය internet එකේ අලෙවිකරණය කරන්න උදව් වෙනවා.

ඔයාගෙ ව්‍යාපාරය පවත්වාගෙන යන computer system maintain කරන්න හා website එකක් නිර්මාණය කරන්න සහ කළමනාකරණය කරන්න computer science වලින් ඔයාට පුළුවන් වෙනවා.

ව්‍යවසායකයෙක්ට හොඳම උපාධිය මොකක්ද?

Edited in Prisma app with Leya

ව්‍යාපාරික උපාධියක් ව්‍යවසායකයෙක්ට හොඳම උපාධිය වෙන්න පුළුවන්.

ව්‍යවසායකයෙක් වෙන්න ඔයාට අනිවාර්යයෙන්ම ගිණුම්කරණය, අලෙවිකරණය හෝ ආර්ථික විද්‍යාව ගැන උපාධියක් පාවිච්චි කරන්න පුළුවන් උනත්, ව්‍යාපාර උපාධියක් ඔහාට ඒ හැම දෙයක්ම සුළු වශයෙන් දෙනවා. ඔයා finances (මූල්‍ය), මූලික අලෙවිකරණ උපාය සහ ආර්ථික විද්‍යාව වගේම ඔයාගේ සේවකයින් කළමනාකරණය කරන්නේ කොහොමද කියන එකත් ඉගෙනගන්නවා. ඒක තමයි තුනෙන්ම හොඳම දේ!

මතක තියාගන්න, ඔයාට ව්‍යාපාරයක් පටන් අරන් ව්‍යවසායකයෙක් වෙන්න උපාධියක් තියෙන්න ඕනෙ නෑ. උදාහරණයක් විදිහට Virgin Group එකේ නිර්මාතෘ Richard Branson කවදාවත් විශ්වවිද්‍යාලය ඉවර කලේ නෑ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments