ව්‍යවසායකයෙක් වෙන්නේ කොහොමද ?

ඔයා ස්වාධීනත්වය හා ඔයාට ඕනෙ ඕනම විදිහක ව්‍යාපාරයක් ගොඩනගා ගන්න නිදහස හොයනව වෙන්න පුළුවන් , ව්‍යවසායකයෙක් වෙන එක ඔයාට රැකියාවක් වෙන්න පුළුවන්. වෙහෙස මහන්සි වෙලා වැඩ කරන එක හොඳ අදහසක් වගේම ලොකු කැපවීමක් ඕනෙ වෙනවා,ඒව තියෙනවනම් ඔයාට ඔයාගේ සිහිනය යථාර්ථයක් කර ගන්න පුළුවන්. ව්‍යවසායකයෙක් වෙන එක ඔයා හිතන තරම් අමාරු නෑ. ඔයාට ක්‍රියාවලිය ලේසි කරන්න, මිනිස්සුන්ට ඒ ගැන තියෙන ගොඩක් පොදු ප්‍රශ්න කිහිපයකට අපි පිළිතුරු දීලා තියෙනව.
ව්‍යවසායකයෙක් කියන්නෙ මොකද්ද?

ව්‍යවසායකයෙක් කියන්නෙ ව්‍යාපාරයක් පටන්ගන්න හෝ සංවිධානය කරන පුද්ගලයෙක්.
මූලික අර්ථ දැක්වීම ඒක. ඒත් ව්‍යවසායකයෙක්, ව්‍යාපාරයක් ආරම්භ කරල අතුරුදහන් වෙන්නේ නෑ. ඒගොල්ලෝ ක්‍රියාකාරීව සහභාගිවෙනව වගේම ගොඩක් වෙලාවට ව්‍යාපාර මෙහෙයුම් මෙහෙයවන ප්‍රධාන පුද්ගලයා වෙනවා. සාමාන්‍යයෙන් ව්‍යවසායකයින් තමන්ගේ ව්‍යාපාර වලට මුදල් ආයෝජනය කරන්නේ ආයෝජකයින්ගෙන් ණය, පවුලේ අයගෙන් සහ මිතුරන්ගෙන් ලැබෙන මුදල් සහ ඔවුන්ගේම ඉතුරුම් වලින්.
සාර්ථක ව්‍යවසායකයෙක්ගේ වැදගත් කුසලතා 3 මොනවාද?

Adaptability(අනුවර්තනය වීමේ හැකියාව), නොපසුබට උත්සාහය සහ work ethic කියන්නෙ තියෙන්න ඕනේ ප්‍රධාන කුසලතා.
ඔයා ව්‍යාපාරයක් පටන් ගන්නකොට, plan එකට හරියට යන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා. සාර්ථක ව්‍යවසායකයෙක්ට ඒවට adapt වෙන්න පුළුවන් වගේම ඒගොල්ලෝ ඒ අය මුහුණ දෙන ගැටලුවලට විසඳුමක් හොයා ගන්නවා. ඒ අය නොපසුබටව ඉන්නවා වගේම ගමන දුෂ්කර වුණාම ඒක අතහරින්නේ නෑ. ඒකට අමතරව, මහන්සි වෙලා වැඩ කරන්න හැකියාව සහ කැමැත්ත තියෙන එකත් වැදගත්ය වෙනවා.
උදාහරණයක් විදිහට, ඔයා ice cream කඩයක් පටන් ගත්තොත් ඔයාගේ ගනුදෙනුකරුවන්ගෙන් ගොඩක් දෙනෙක් ඔයාගේ ice cream sandwiches ගන්නව වගේම ඔයාගේ අනීත් ice cream නාස්ති වෙනවා කියලා ඔයාට පෙනුනොත්, ඔයාට තව sandwiches විකුණන්න මාරු වෙන්නයි, ඒ වෙන ice cream අඩුවෙන් ගන්නයි පුළුවන්. Adaptability එක ප්‍රධානයි!
ව්‍යවසායකයෙක් විදිහට ඔයා ව්‍යාපාරයක් පටන් ගන්නේ කොහොමද ?
අදහසක් ඉදිරිපත් කරලා ඉල්ලුමක් තියෙනවද කියලා බලන්න වෙළඳපල පර්යේෂණ කරන්න.

ඔයා උනන්දුවක් දක්වන ව්‍යාපාරික අදහසක් ඉදිරිපත් කරන්න, ඔයාගේ , ආශාවන් සහ කුසලතා පාවිච්චි කරන්න. ඊටපස්සේ, ඔයාගේ ඉලක්ක වෙළඳපල කවුද කියලා හා ඔයාගේ භාණ්ඩය හෝ සේවාව විකුණන්න පුලුවන්ද කියලා ඔයා ට හිතෙනවද නැද්ද කියන එක ගැන හිතලා බලන්න ටික කාලයක් ගත කරන්න. ඔයාට තරඟ කරන්න පුළුවන් කියලා ඔයා හිතනවද කියලා බලන්න සමාන නිෂ්පාදන විකුණන සමාගම් හොයල බලන්න, සසඳලා බලන්න, මිනිස්සුන්ට මිලදී ගන්න ඕනෙ අද්විතීය , විශේෂි නිෂ්පාදනයක් ඉදිරිපත් කරන්න.
සමහර විට, නිෂ්පාදනයක් හරි සේවාවක් හරි ගොඩක් සුවිශේෂ වෙන තරමට ඔයාට වෙන සමාගම් එක්ක තරඟ කරන්න පුළුවන් වෙනව. උදාහරණයක් විදිහට, සාමාන්‍ය coffee shop එකක් පටන් ගන්නවා වෙනුවට, ඔයාට දේශීය බැදපු කෝපි ඇට තියෙන කඩයක් පටන්ගන්න පුළුවන් වගේම ඒ එන අයට ඒ අයගේ බල්ලන් අරන් එන්න ඉඩ සලසන්න පුළුවන්.ඔයාගේ ව්‍යාපාරය පටන්ගන්න ඔයා වැඩි වැඩ කොටසක් කරනව කියලා මතක තියා ගන්න , ඒ හින්දා ඔයා ආස කරන දෙයක් තෝරා ගන්න එක ගොඩක් වැදගත් වෙනව! උදාහරණයක් විදිහට, ඔයා ඇත්තටම පිරිසිදු කරන්න කැමති නැත්නම්, පිරිසිදු කරන සේවිකාවන් ඉන්න ව්‍යාපාරයක් පටන්ගන්න එක හොඳම අදහස නෙවේ.
ව්‍යාපාර සැලැස්මක්, අලෙවිකරණ සැලැස්මක් හදන්න හා ඔයාගේ ව්‍යාපාරය launch කරන්න.

ව්‍යවසායකයෙක් වෙන්න තනි ක්‍රමයක් හරි “නිවැරදි” ක්‍රමයක් හරි කියලා නෑ, ඒත් ඔක්කොම ව්‍යාපාර පටන්ගන්නේ සිත්ගන්නාසුළු හෝ ඉල්ලුමට හරියන අදහසක් විදිහට. එතැන ඉඳන් ඔයාට පුළුවන් ඔයා කැමති වෙළඳපොළ ගැන research හා තොරතුරු තියෙන හොඳ business plan එකක් හදා ගන්න. ඊට අමතරව, ඔයාගේ ව්‍යාපාරය ගැන වචනය එළියට ගන්න, ගුණාත්මක අලෙවිකරණ සැලැස්මක් නිර්මාණය කරන්න ඔයාට ඕනෙ වෙනවා. ඔයා ඒ ඔක්කෝටම ලෑස්ති උනාට පස්සේ, ඔයාට ඔයාගේ ව්‍යාපාරය දියත් කරල ඔයාගේ භාණ්ඩ හරි සේවා හරි විකුණන්න පටන් ගන්න පුළුවන්!
ඔයාගේ ව්‍යාපාරයට මුදල් යොදවන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනව. වැඩිපුර ආයෝජකයින්ගෙන් හා ණය නිලධාරීන්ගෙන් funding ලබා ගන්න,ඔයාගේ අදහස ඒ අයට යොමු කරන්න,ඒ වගේම ඒකට ඔයාගේ ව්‍යාපාර සැලැස්මත් පාවිච්චි කරන්න ඕනෙ.
ඔයාගෙ අලෙවිකරණ plan එකට website එකක් හා social media වගේ උපාය මාර්ග ද ඇතුළත් වෙන්න ඕනේ වගේම එතකොට මිනිසුන්ට ඔයාව ලේසියෙන් හොයාගන්න පුළුවන්.