ඔයා ආයෝජනය කලයුතුද? ආයෝජනය පිළිබඳව මූලික අවබෝධය

ආයෝජනය ගැන කතා කරන්න කලින් අපි ඔයාගෙන් පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම්. මොකද කිවුවොත් “ආයෝජනය කියන්නෙ මොකක්ද ” කියල මේ ප්‍රශ්න ටික දිහා බැලුවම ඔයාට තේරුම් ගන්න පුළුවන්.
ප්‍රශ්නය : ඔයා ඔයාගෙ පවුලෙ අයත් එක්ක තනි දවසෙ සවාරියක් යන්න හිතාගෙන ඉන්නව කියල හිතන්නකො. ඉතින් මේ සවාරිය වෙනුවෙන් ඔයා දවසෙ වියදමට කොච්චර මුදලක් වෙන් කරනවද ?
පිළිතුර : “දිනකට රුපියල් 5000ක් වගේ වියදමට ඇති වෙයි.ඉතිරි උනොත් ඒක අනිත් දවසට පාවිච්චි කරන්න තියාගන්න පුළුවන්”. මේ වගේ උත්තරයක් ඔයා කියන්න පුළුවන්.
ප්‍රශ්නය : කලින් විදිහටම ඔයා පවුලේ අයත් එක්ක සවාරියක් යනව කියල හිතන්නකො. නමුත් මේ පාර ඔයා යන්න හිතගෙන ඉන්නෙ සතියක් විතර දිග සවාරියක්. මේ පාර සතියක සවාරියකට ඔයා කොච්චර මුදලක් ගෙනියනවද
පිළිතුර : “සතියක් වගේ යනවනම් අඩුම රුපියල් 50000ක් වත් ගෙනියනවා” මේ උත්තරය හෝ ඔයාගෙ පවුලෙ සාමජිකයො ගනන අනුව ගෙනියන මුදල් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්.
මේ විදිහටම මාසයක් පුරාවටම සවාරියක් යන්න හිතාගෙන ඉන්නවනම් ඔයා අඩුම ගානෙ රුපියල් ලක්ෂයක්වත් ගෙනියන්න ඕනි.අවුරුද්දකට වගේ යනවනම් මීටත් වඩා ලොකු මුදලක් ඔයාට ගෙනියන්න වෙනවා
ඉතින් මේ සවාරිය ඔයා තනියෙන් යන ගමනක් නෙමෙයි , ඔයාගෙ පවුලෙ සාමාජිකයො ඔක්කොම එක්ක යන ගමනක්. ඉතින් මේ හැමෝටම ඇතිවෙන්න ඔයාට මුදල් ගෙනියන්න සිදුවෙනවා.
ඉතින් අපේ ජීවිතයත් හරියට අර උඩදි අපි කතා කරපු සවාරියක් වගේ. අපිට අපේ පවුලේ සාමජිකයන්ට සැපපහසු ජීවිතයක් ලබා දෙන්න මහන්සි වෙලා මුදල් උපයන්න වෙනවා.. “ඔයාගෙ පවුලෙ සාමාජිකයන්ට සැපසේ ජීවීතේ ගත කරන්න කීයක් ඇති වෙයිද?” කියල කවුරු හරි ඇහුවොත් හරියටම උත්තරයක් දෙන්න මේ පෘථිවියේ කාටවත්ම අමාරු වෙනවා.
ඉතින් ඇයි අද ගැන විතරක් හිතල වියදම් කරන්නෙ?

“බහුතරයක් මිනිසුන් අනාගතයක් නෑ කියල හිතල වර්තමානයේ ජීවත් වෙන ගමන් මහන්සියෙන් හොයාගත්තු මුදල් නාස්ති කරනවා”. ඉතින් “අනාගතය අදයි” කියල හිතාගෙන වැඩ කරාම ඔයාට හොද වර්තමානයක් ලැබෙනව වගේම ඔයාට බියෙන් සැකෙන් තොර පැහැදිලි අනාගතයක් ලැබෙනව
ඔයා හිතල බලන්න ඔයාගෙ පවුලෙ අයගෙ හා ලමයින්ගෙ අනාගත වියදම් සුරක්ෂිතද කියල.
පවුලෙ සාමාජිකයන්ගේ රෝහල් ගාස්තු ,ඔයාගෙ දරුවන්ගෙ අධ්‍යාපනයට අවශ්‍ය වන මුදල් වගේ වියදම් ඔයාට දරන්න පුලුවන් වෙයි කියල හිතනවද? හොදම උත්තරය තමයි අනාගත ආයෝජනය.
කාලය රන් හා සමානයි .ඒ නිසා අතීතයේ එල්ලිලා කාලය කන එක නවත්වන්න. නමුත් අතීතයෙන් ඉගෙන ගන්න තියෙන පාඩම් තියෙනවා නම් ඒවත් අරගෙනම අනාගතයට අඩිය තියන්න. එතකොට ඔයාගෙ අනාගත ආයෝජනයන් ඉබේම ආරක්ෂා වෙනවා.
අනාගතයට ආයෝජනය කරන්න ඕනි කියන අදහස ඔයාගෙ ඔළුවට එන්න ඕනි ඔයාගෙ පලවෙනි වැටුප අතට ගත්තු දවසට. ඔයාගෙ මුදල් සාක්කුවේ හෝ සේප්පුවක දාල හංගල තියෙන එකෙන් වෙන්නෙ ඒ සල්ලි වලට කිසිම වටිනාකමක් ලැබෙන්නෙ නැති එක. හොදම දේ තමයි ඒ සල්ලි ආයෝජනය කරන එක.